අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බැඳුම්කර නඩුවේ චෝදනා එකොළහකින් රවී ඇතුළු පිරිස නිදහස්

බැඳුම්කර නඩුවේ චෝදනා එකොළහකින් රවී ඇතුළු පිරිස නිදහස්

යහ පාලන රජය සමයේ සිදු වූවා යැයි මහා බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන්…

යහ පාලන රජය සමයේ සිදු වූවා යැයි මහා බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු  අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන් ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහි චෝදනා 22 යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවේ චෝදනා එකොලොහකින් එම විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රි පුද්ගල මහා ධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.

මෙම නඩු විභාගය අරම්භ කිරීමට සූදානම්වූ අවස්ථාවේ විත්තිකරුවෙන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ඇතුළු නීතිඥ මඩුල්ල මතු කළ මූලික විරෝධාවක් සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල එසේ තීරණය කළේය.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ අමල් රණරාජා මහතාගේ සභාපතිත්වයෙන් යුතු නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බැඳුම්කර නඩුවේ චෝදනා එකොළහකින් රවී ඇතුළු පිරිස නිදහස් | Lanka Newsweek