අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බැඳුම්කර කොමිසම අගමැතිට ස්තුති කරයි

රනිල් බැඳුම්කර කොමිසමට දින දෙයි

(සුජිත් මංගල ද සිල්වා) මහා භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවට අදාළව සාක්කි ලබාදීම සඳහා පැමිණීම සම්බන්ධයෙන් බැඳුම්කර ජනාධිපති කොමිසම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුති කළේය. මේ සිද්ධියට අදාළ විමර්ශන…

(සුජිත් මංගල ද සිල්වා)

මහා භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවට අදාළව සාක්කි ලබාදීම සඳහා පැමිණීම සම්බන්ධයෙන් බැඳුම්කර ජනාධිපති කොමිසම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුති කළේය.

මේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා සහය පළ කරමින් රටේ අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ පෙනී සිටිමින් සාක්කි ලබාදීම අගය කළ යුතු යැයි ද බැඳුම්කර ජනාධිපති කොමිසම අවධරණය කළේය.

බැඳුම්කර ජනාධිපති කොමිසම මේ බව කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි ලබාදීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20)උදැසන එම කොමිසම හමුවේ ස්වේඡාවෙන්ම පෙනී සිටී අවස්ථාවේදීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බැඳුම්කර කොමිසම අගමැතිට ස්තුති කරයි | Lanka Newsweek