අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බැඳුම්කර කොමිසමේ සියලු ප්‍රශ්නවලට අගමැති උත්තර දෙයි

ප්‍රජාතන්ත්‍රවාදය රැකීම ගැන අගමැතිට ඇමරිකාවෙන් ප්‍රසංසා

(සුජිත් මංගල ද සිල්වා) මහා භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ස්වේඡාවෙන්ම අද (20) පෙනී සිටී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසම ඇසු සියලු ප්‍රශ්නවලට…

(සුජිත් මංගල ද සිල්වා)

මහා භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ  ස්වේඡාවෙන්ම අද (20) පෙනී සිටී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසම ඇසු සියලු ප්‍රශ්නවලට ඍජු පිළිතුරු ලබා දුන්නේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ මෙසේ පෙනී සිටියේ හෙට  (20) අලුයම නිල විදේශ සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට ද  නියමිතව තිබියදීය.

දැන්වීම

ජනාධිපති කොමිසම හමුවේ සාක්කි ලබාදීම සඳහා උදැසන 9.45 ට පමණ පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු දේශපාලන පක්ෂ නියජනය කරන  මැති ඇමතිවරුන් විශාල පිරිසක් ඒ වන විටත් එම ස්ථානයට පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය.

මහා භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධියට අදාළව රනිල් වික්‍රමසංහ මහතාගෙන් මුලින්ම එම කොමිසමේ සභාපති කේ ටී චිත්‍රසේන  මහතා ද ඊට පසුව නීතිපති ජයන්ත ජයසුරිය මහතා ද කරුණු විමසු අතර සියලු ප්‍රශ්න කිරීම් විනාඩි තිහකට සීමාවිය.

ඒ අවස්ථාවේදී ගත යුතුව තිබූ නිවැරදිම සහ හොඳම තීන්දුව රටේ ආර්ථිකය වෙනුවෙන් ගත්තේයැයි ද එහි කිසිදු ප්‍රශ්නයක් හෝ දෝෂයක් නැතැයි ද එහිදී අවධාරණය කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කඩා වැටී තිබු ආර්ථිකය යළි ගොඩනැංවීමේ වගකීම භාරගත් තමා එම වගකීම නොපිරිහෙලා ඉටු කරමින් සිටින බව ද අවධාරණය කළේය.

 මහා භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවෙ සාක්කි ලබාදීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ  ස්වේඡාවෙන්ම ඉදරිපත්වීම  මුළු රටටම විශාල ආදර්ශයක් යැයි සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බැඳුම්කර කොමිසමේ සියලු ප්‍රශ්නවලට අගමැති උත්තර දෙයි | Lanka Newsweek