බැඳුම්කරයේ පාර්ලිමේන්තු වගකීම කතානායක කරට ගනියි

(සුජිත් මංගල ද සිල්වා) මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සහ බරපතළ වංචා සහ දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවල අවසන් වාර්තා සම්බන්ධයෙන් රටේ මහ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වගකීම විනවිදභාවයෙන් යුතුව…
(සුජිත් මංගල ද සිල්වා)
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සහ බරපතළ වංචා සහ දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවල අවසන් වාර්තා සම්බන්ධයෙන් රටේ මහ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වගකීම විනවිදභාවයෙන් යුතුව නොපිරිහෙලා ඉටු කරන්නේ යැයි කතානායක කරු ජයසුරිය මහතා පැවසීය.
ජනවාරි මස 22 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන දේශපාලන පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි පියවර දැනුම් දෙන බව සඳහන් කළ කරු ජයසුරිය මහතා ඊට පෙර මෙම වාර්තාවන් කඩිනමින් පරිවර්තනය කොට මුද්‍රණය කර සියලුම මන්ත්‍රිවරුන් වෙත ලබා දීමට හැකි වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද පැවසීය.
දැන්වීම
කතානායක කරු ජයසුරිය මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ අද (17) පවතී ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ පරිදිම අද දිනයෙහි අදාළ වාර්තාවන් නිසි පරිදි පාර්ලිමේන්තුව වෙත යොමු කිරීම පිළිබදව කෘතඥතාව පළ කරන බවද කතානායකවරයා පැවසීය.