අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බැකෝ යන්ත්‍ර භාවිතා කර මැණික් ගැරීමට බලපත්‍ර

බැකෝ යන්ත්‍ර භාවිතා කර මැණික් ගැරීමට බලපත්‍ර

(නිලන්ති චන්ද්‍රසේන) බැකෝ යන්ත්‍ර භාවිතා කර මැණික් ගැරීම සඳහා බලපත්‍ර 15ක් පමණ නැවත ලබා දී ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. මෙම බලපත්‍ර ලබා දී ඇත්තේ සාමාන්‍ය පතල් කම්කරුවෙකුට කැණීම්…

(නිලන්ති චන්ද්‍රසේන)

බැකෝ යන්ත්‍ර භාවිතා කර මැණික් ගැරීම සඳහා බලපත්‍ර 15ක් පමණ නැවත ලබා දී ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

මෙම බලපත්‍ර ලබා දී ඇත්තේ සාමාන්‍ය පතල් කම්කරුවෙකුට කැණීම් කළ නොහැකි ප්‍රබල ජීවිත අවදානම් සහිත ස්ථානවල කැණීම් සඳහා පමණක් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

මිට ප්‍රථම ද බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මැණික් ගැරීම සඳහා බලපත්‍ර නිකුත් කර තිබුනද යාන්ත්‍රික මැණික් ගැරීම් බලපත්‍රලාභීන් කළ නීති විරෝධී ක්‍රියාකාරකම් සහ ඉන් සිදුවූ පාරිසරික හානි සැලකිල්ලට ගනිමිනි 2016 වසරේ සැප්තැම්බර් 11 වන දා එම බලපත්‍ර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් අත්හිටුවනු ලැබී ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න