බාල බෙහෙත් ගෙනාව අය සේවයේ - හෙළිකළ කෙනාගේ වැඩ තහනම්

බාල බෙහෙත් නිසා ජීවිත දෙකක් අහිමි වීම ගැන කතා කරපු රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම්. බාල බෙහෙත් ගෙනාව අය තවමත් සේවයේ ව්‍යවස්ථා සංශෝධනයෙදී මූලික අයිතිවාසිකම් යන විග්‍රහය පුළුල් කරන්න - විපක්ෂ නායක…
බාල බෙහෙත් නිසා ජීවිත දෙකක් අහිමි වීම ගැන කතා කරපු රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම්. බාල බෙහෙත් ගෙනාව අය තවමත් සේවයේ
ව්‍යවස්ථා සංශෝධනයෙදී මූලික අයිතිවාසිකම් යන විග්‍රහය පුළුල් කරන්න
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි -
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි සංශෝධනයක් සිදු කරන බවට ගරු අග්‍රාමාත්‍යතුමිය පැවසු බවත් ඒ සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන අතර මේ සංශෝධනය සඳහා අප රටේ මූලික අයිතිවාසිකම් යන විග්‍රහය පුළුල් කරන ලෙසත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය, සංස්කෘතිමය අයිතිය, ආගමික අයිතිය ආදී පුලුල් නිර්වචනයක් තුළ මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ වන විට බාල එන්නත් ගැටලුවක් මතු වී හබරකඩ සහ මතුගම ප්‍රදේශයේ තරුණියන් දෙදෙනකු මේ එන්නත් නිසා ජිවිතක්ෂයට පත්ව ඇති බවත් දැන් අනවසර ඖෂධ මාෆියාවක් සිදුවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සෞඛ්‍ය මූලික අයිතිවාසිකමක් වන විට ජීවත් වීමේ අයිතිය ද ශක්තිමත් වන බවත් මේ තත්ත්වය තුළ බාල බෙහෙත් සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති දූෂණ වංචා හෙළිදරව් කරන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍යට කතා කළා කියා රැකියාව අහිමි කර ඇති බවත් එය අසාධාරණ බවත් එතුමාට බාල බෙහෙත් ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ වංචා ගැන කතා කරන්න අයිතියක් ඇති බවත් මේවා මුලික අයිතිවාසිකමක් බවත් ජිවත් වීම සෞඛ්‍ය අයිතිය මුලික අයිතිවාසිකමක් බවත් බාල බෙහෙත් නිසා ජිවිත අහිමි වුවත් තාම කාගේවත් වැඩ තහනම් නැති බවත් මෙය අසාධාරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.