බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරය ගිනි ගනී..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පිහිටි එරට ජාතික කෞතුකාගාරයේ අද (3) විශාල හදිසි ගින්නක් හට ගෙන තිබේ. මෙම කෞතුකාගාරය වසර 200ක් පමණ පැරණි එකක් වන අතර එරට තිබෙන පැරණිතම විද්‍යාත්මක ආයතනය ලෙස ද සැලකෙන බව…
බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පිහිටි එරට ජාතික කෞතුකාගාරයේ අද (3) විශාල හදිසි ගින්නක් හට ගෙන තිබේ.
මෙම කෞතුකාගාරය වසර 200ක් පමණ පැරණි එකක් වන අතර එරට තිබෙන පැරණිතම විද්‍යාත්මක ආයතනය ලෙස ද සැලකෙන බව විදේශ මාධ්‍ය සඳහන් කරයි.
මෙම කෞතුකාරයේ හට ගත් ගින්නෙන් සිදුවූ ජීවිත හෝ දේපොළ හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති අතර එහි විවිධ කෞතුක භාණ්ඩ කෝටි දෙකකට අධික සංඛ්‍යාවක් තිබු බවද වාර්තා වන අතර මේ වනවිට ගිනි නිවීමේ භටයන් ගින්න මැඩ පවත්වමින් සිටින් අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
බ්‍රසීල ජනාධිපති මිෂෙල් ටෙමර් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ සියලුම බ්‍රසීල ජාතිකයන්ට අද (03) දිනය ශෝක දිනයක් වන අතර සිය රටේ ඉතිහාසයට සිදු වූ හානිය කෞතුකාගාර ගොඩනැගිල්ලට සිදුවු හානියෙන් මැනිය නොහැකි බවයි.
බ්‍රසීල ඉතිහාසයට අයත් කෞතුක වස්තු,ඊජිප්තු ඉතිහාසයට අයත් කෞතුක වස්තු ,ඩයිනෝසර අස්ථි කොටස් අමෙරිකාවෙන් හමුවූ පැරණිතම මිනිස් ඇටසැකිල්ල වන වසර 12,000 ක් පැරණි කාන්තා ඇටසැකිල්ල ඇතුළු මිල කළ නොහැකි වටිනා කෞතුක භාණ්ඩ රැසක් එම කෞතුකාගාරයේ තිබූ බව ද වාර්තා වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1