බළපිටිය මූලික රෝහලේ ආපන ශාලාව මාස දෙකක් වහලා

"රෝගීන් සහ කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයක " (ජයකාන්ත ලියනගේ-බළපිටිය) බළපිටිය මූලික රෝහලේ ආපන ශාලාව මාස දෙකකට ආසන්න කාලයක සිට වසා දමා තිබීම හේතුවෙන් රෝගීන්, කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන් බැලීමට පැමිණෙන අයද…
"රෝගීන් සහ කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයක "
(ජයකාන්ත ලියනගේ-බළපිටිය)
බළපිටිය මූලික රෝහලේ ආපන ශාලාව මාස දෙකකට ආසන්න කාලයක සිට වසා දමා තිබීම හේතුවෙන් රෝගීන්, කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන් බැලීමට පැමිණෙන අයද දැඩි අපහසුතාවයට පත් ව තිබේ. මේ හේතුවෙන් රජයට අය වීමට තිබූ රුපියල් ලක්ෂ දෙකකට (200,000/-) වඩා අධික මුදලක් අහිමි වී ඇති බවද රෝහල් සේවකයෝ ප්‍රකාශ කරති.
ආපන ශාලාව සඳහා අලුතෙන් ටෙන්ඩර් කැඳවා තිබෙන අතර මාසික අවම කුලිය රුපියල් එක් ලක්ෂ තිස් දහසක (130,000/-) මුදලක් බව සඳහන් කර තිබේ. මාස හයක මුදලක් එක වර තැන්පත් කළ යුතු බවද ටෙන්ඩර් කොන්දේසිවල සඳහන් වේ. මේ අනුව රුපියල් ලක්ෂ අටකට වඩා වැඩි මුදලක් තැන්පත් කළ යුතු අතර එසේ කල නොහැකි බැවින් කිසිවෙක් ටෙන්ඩරය ලබා ගෙන නොමැති බවද දැන ගන්නට තිබේ. ඒ වෙනුවට රක්ෂණ ආවරණයක් ලබා දීමට ටෙන්ඩරය ලබා ගැනීමට සූදානම් වන අය කැමැත්ත ප්‍රකාශ කලත් එය ලබා ගැනීමට රෝහල් පාලන අධිකාරිය අකැමති බවද ආපන ශාලා හිමියෝ ප්‍රකාශ කරති.
මේ හේතුව නිසාවෙන් පළමු ටෙන්ඩර් කරු ටෙන්ඩරය ප්‍රතික්ෂේප කර තිබෙන අතර දෙවන ටෙන්ඩර් කරු අඩු මුදලක් ලබා දී ඇති බවද කියති. ආපන ශාලාව නැති කමින් රෝගීන්ට හා නේවාසික වෛද්‍යවරු ඇතුඵ අනෙකුත් කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයට ලක් වී ඇත. ආපන ශාලාව ටෙන්ඩර් කැඳවීම සඳහා පුවත්පත් දැන්වීමට රුපියල් හැට දහසක (60,000/-) මුදලක් වැය කර තිබෙන අතර ගත වූ කාලය තුළ රෝහල් පාලන අධිකාරියේ වරදින් රුපියල් ලක්ෂ තුනකට (300,000/-) වඩා ආදායමක් අහිමි වී ඇති බවද කියති.
දැන්වීම
සුභ සාධනයක් ලෙස අඩු මුදලට කෑම ලබා දීමටත්, මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි කුලී මුදලක් ලබා දීමටත් නොහැකි බව ටෙන්ඩර් කරුවෝ පවසති. මේ පිළිබඳව බළපිටිය මූලික රෝහලේ වැඩ බලන රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය හෙට්ටිආරච්චි මහතාගෙන් විමසූ විට මෙසේ කීය.
ආපන ශාලාව අලුත් වැඩියාවකට වසා දැමුවේ. ඉන් පසු ටෙන්ඩර් කැඳෙව්වම ආ ටෙන්ඩර් වලින් පළමු හා දෙවන ටෙන්ඩර් කරු ඉවත් වුණා. හෙට අනිද්දම ආපන ශාලාව නැවත පටන් ගැනීමට කටයුතු කර ගෙන යනවා යැයි ද කීය.