බළපිටියේ බරවා-ඩෙංගු හිස ඔසවයි..?

(ජයකාන්ත ලියනගේ) ගෙවුණු මාස දෙකක කාලයේදී ගාල්ල බළපිටිය කොට්ඨාසයෙන් ඩෙංගු රෝගීන් විසිනම දෙනෙක් වාර්තා වී තිබෙන බවත්, කොස්ගොඩ ගල්බොක්ක ප‍්‍රදේශයෙන් අලූතෙන් ඩෙංගු රෝගීන් හමු වී තිබෙන බවත් බළපිටිය සෞඛ්‍ය…
(ජයකාන්ත ලියනගේ)
ගෙවුණු මාස දෙකක කාලයේදී ගාල්ල බළපිටිය කොට්ඨාසයෙන් ඩෙංගු රෝගීන් විසිනම දෙනෙක් වාර්තා වී තිබෙන බවත්, කොස්ගොඩ ගල්බොක්ක ප‍්‍රදේශයෙන් අලූතෙන් ඩෙංගු රෝගීන් හමු වී තිබෙන බවත් බළපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්. ප‍්‍රගීත් මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ බළපිටිය ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී වන අතර එම රැස්වීම සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරුන් වන දකුණු පළාත් සභාවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, අසෝක ධනවංස ද සිල්වා සහ බළපිටිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක ඒ. දයාරත්න ද සිල්වා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් බළපිටිය ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.
දැන්වීම
මේ අතර ගාල්ල බළපිටිය කොට්ඨාසයේ බරවා රෝගීන්ගේ වැඩිවීමක් දකින්නට තිබෙන බව ගාල්ල බරවා මර්දන ඒකකයේ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරි ජයමිණි මිගෙල්හේවා මහතා එම රැස්වීමේදී හෙළි කර සිටියේය.
බරවා රෝගීන් හැට දෙනෙක් (60) හමුවී කිබෙන අතර එම රෝගීන්ගෙන් හතළිස් තුන් දෙනෙක්ම (43) වාර්තා වී තිබෙනුයේ බළපිටියෙන් යැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.