අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බස් ,දුම්රිය ,ත්‍රීරෝද ගාස්තු ඉහළට ..?

විශේෂ දුම්රිය සහ බස් සේවා

(නිලන්ති චන්ද්‍රසේන) පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට සමගාමීව බස් ගාස්තු, ත්‍රිරෝද රථ සහ දුම්රිය ගාස්තු ද ඉහළ දැමීමට මේ වන විට සැලසුම් කර ඇති බව ප්‍රවාහන…

(නිලන්ති චන්ද්‍රසේන)

පෙට්‍රල්, ඩීසල් සහ  භූමිතෙල් මිල ගණන් ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට සමගාමීව බස් ගාස්තු, ත්‍රිරෝද රථ සහ  දුම්රිය ගාස්තු ද  ඉහළ දැමීමට  මේ වන විට සැලසුම් කර ඇති බව ප්‍රවාහන සංගම් පවසයි.

ඔක්ටේන් 92 වර්ගයේ ලංකා පෙට්‍රල් ලීටරයක්  රුපියල් 137  දක්වා ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක්  රුපියල් 148 දක්වා ද වැඩි කර ඇති අතර  ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 14 කින් ද  සුපිරි ඩීසල් ලීටරයක මිල  රුපියල් 09කිනි ද වැඩි කර ඇත. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 57 කින් වැඩි කර තිබෙන අතර ඒ අනුව භූමිතෙල් ලීටරයක  නව මිල රුපියල් 101 කි.

මෙම මිල ගණන් වැඩි කිරීමට  සමානව සිය  නිෂ්පාදනවල ද  මිල ගණන් ද  ඉහළ දැමීමට  ලංකා ඉන්දීය තෙල් සමාගම ද  පියවර ගෙන තිබෙන අතර ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ අයි.ඕ.සී පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137 දක්වා ද  ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක  මිල රුපියල් 151ක දක්වා ද  ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 111 දක්වා ද සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 119 ක් දක්වා ද වැඩි කර තිබේ.

ඒ අනුව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ  කර සිටියේ සිය  කර්මාන්තයට වන බලපෑම පිළිබඳ අවධානය යොමු කර ගාස්තු ඉහළ දැමීමට යෝජනා කරන අතර  ගාස්තු වැඩිවීමේ ප්‍රතිශතයන් සම්බන්ධයෙන් අද (11) දිනය ඇතුළත  ප්‍රකශ කිරීමටද පියවර ගන්නා බවය.

මේ සම්බන්ධයෙන්  අදහස් දැක්වූ සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකශ කළේ 15%කින් පමණ ගාස්තු සංශෝධනය කළ යුතු  අතර ඒ පිළිබඳ යෝජනාව රජයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකසමින් සිටින බවය.

ත්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ දැමීමට පියවර ගන්නා බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති කේ.ඩී. අල්විස් මහතා පවසයි.

මේ අතර 15 %කින් ඉහළ දැමීමට සිටි දුම්රිය ගාස්තුද එම ප්‍රතිශතයට වඩා වැඩි  ප්‍රතිශතයකින් ඉහළ දැමිය යුතුව තිබෙන  බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටි.මේ සම්බන්ධයෙන් ප්‍රවාහන  අමාත්‍යංශය සමග යළි  සාකච්ඡා කිරීමට  කටයුතු සැලසුම් කරමින් සිටින බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විද්වත් කමිටුව රැස් කර ඉදිරි ක්‍රියාමාර්ග   සතියක් ඇතුළත ගෙන  අවසන් කරන  බවද ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා  ප්‍රකශ කර සිටි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා  ඊයේ (10) පැවතී මාධ්‍ය හමුවේදී  ප්‍රකාශ කළේ  මාස දෙකෙන් දෙකට ඉන්ධන මිල වැඩි හෝ අඩු විය හැකි බව ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
බස් ,දුම්රිය ,ත්‍රීරෝද ගාස්තු ඉහළට ..? | Lanka Newsweek