අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බස් ගාස්තු 15% කින් ඉහළට..?

බස් ගාස්තු 15% කින් ඉහළට..?

(නිලන්ති චන්ද්‍රසේන) බස් ගාස්තු සංශෝධනය සඳහා වූ විද්වත් කමිටුව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (14) දිනයේ රැස්වන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. අදාළ කමිටුව අද (14) රැස්වී ඉන්ධන…

(නිලන්ති චන්ද්‍රසේන)

බස් ගාස්තු සංශෝධනය සඳහා වූ විද්වත් කමිටුව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා  අද (14) දිනයේ රැස්වන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

අදාළ කමිටුව අද (14) රැස්වී ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව කොපමණ සංඛ්‍යාවකින් බස් ගාස්තු ඉහළ නැංවිය යුතු ද යන්න සාකච්ඡා කර නිදේශ ඉදිරිපත් කිරීමට නියමිත බව ප්‍රවාහන  නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතායි පවසයි. කෙසේ වෙතත් එම කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගත යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත් 15% කින් බස් ගාස්තු ඉහළ දැමීමට රජය  පියවර නොගත හොත් (16) වනදා සිට බස් ධාවනයෙන් ඉවත් වන බව  පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතා ඊයේ (13) පැවසුවේ ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බස් ගාස්තු 15% කින් ඉහළට..? | Lanka Newsweek