බස් ගාස්තුව 6.5%කින් ඉහළට

(නිලන්ති චන්ද්‍රසේන) බස් ගාස්තු 6.5%කින් ඉහල දැමීමට අද (15) කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ද සියයට 6.5 කින් වැඩි කළ යුතු බවට වන යෝජනාව ප්‍රවාහන ඇමැති නිමල්…
(නිලන්ති චන්ද්‍රසේන)
බස් ගාස්තු 6.5%කින් ඉහල දැමීමට අද (15) කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු ද සියයට 6.5 කින් වැඩි කළ යුතු බවට වන යෝජනාව ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.
දැන්වීම
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණෟඩලය අද දහවල් ජනාධිපති කාර්යාලයේ දී රැස් වු අතර එහිදී මෙම අනුමැතිය ලබාදී ඇත.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති M.A.P. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාම හා වාර්ෂික ගාස්තු සංශෝධනය පදනම් කර ගනිමින් මෙම ගාස්තු ඉහළ දැමීම සිදු කළ බවයි.කෙසේ වෙතත් අවම ගාස්තුව වන රුපියල් 10 මිලෙහි වෙනසක් සිදු නොවන බවද සභාපතිවරයා සඳහන් කළේ ය.