බස්නාහිර පළාතේ පොස්ටර්-කටවුට් ඉවත් කරයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක නගර අලංකරණ වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාතේ මාර්ග දෙපස ඇති විදුලි හා දුරකතන කණුවල සවි කර ඇති පොස්ටර් හා කටවුට් ඉවත් කිරීමේ වැඩසටහනක් පොලිස් මූලස්ථානය ආරම්භ කර තිබේ.…
ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක නගර අලංකරණ වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාතේ මාර්ග දෙපස ඇති විදුලි හා දුරකතන කණුවල සවි කර ඇති පොස්ටර් හා කටවුට් ඉවත් කිරීමේ වැඩසටහනක් පොලිස් මූලස්ථානය ආරම්භ කර තිබේ.
ඒ, සඳහා වන උපදෙස් ඊයේ පස්වරුවේ බස්නාහිර පළාතේ සියලු පොලිස් ස්ථාන වෙත ලබා දී ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ය.
කම්කරුවන් යොදවා එම සියලු බැනර් කටවුට් ඉවත් කරන බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේ ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1