බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 09 දක්වා දීර්ඝ කෙරේ

බස්නාහිර පළාතට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නොවැම්බර් මස 09 වන දින අලුයම 05.00 දක්වා දීර්ඝ කර තිබේ. Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන්…
බස්නාහිර පළාතට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නොවැම්බර් මස 09 වන දින අලුයම 05.00 දක්වා දීර්ඝ කර තිබේ.
Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (1) විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.
ඒ අනුව තවත් ප්‍රදේශ කිහිපයකට ද අලුතින් ඇඳිරිනීතිය පැනවෙන බව ද මෙහිදී යුද හමුදාපතිවරයා නිවේදනය කළේය.
දැන්වීම
අලුතින් ඇදිරිනීතිය පැනවෙන ස්ථාන මෙසේය
බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය නොවැම්බර් මස 09 උදෑසන 5 දක්වා
ඇහැලියගොඩ පොලිස් වසමට හෙට (02) උදෑසන 5 සිට නොවැම්බර් මස 09 උදෑසන 5 දක්වා
කුරුණෑගල නගර සභා සීමාවට හෙට උදෑසන 5 සිට නොවැම්බර් මස 09 උදෑසන 5 දක්වා
කුලියාපිටිය පොලිස් වසමට හෙට උදෑසන 5 සිට නොවැම්බර් මස 09 උදෑසන 5 දක්වා
-වීඩියෝ අනුග්‍රහය News 1st-