“බලය කෙරෙහි වියරුවෙන් 20 ගැන අදහස් දක් වනු එපා”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7

විස්සේ අඩංගුව ගැන ජවිපෙ හෙළි කරයි..! (හේමන්ත තුෂිත කුමාර) සිය දේශපාලන බල ව්‍යාපෘතිය අසාර්ථක වීම නිසා ඇති වූ වියරුවෙන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අදහස් දැක්වීමෙන් සියලු දෙනා වැළකී සිටිය යුතු…
විස්සේ අඩංගුව ගැන ජවිපෙ හෙළි කරයි..!
(හේමන්ත තුෂිත කුමාර)
සිය දේශපාලන බල ව්‍යාපෘතිය අසාර්ථක වීම නිසා ඇති වූ වියරුවෙන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අදහස් දැක්වීමෙන් සියලු දෙනා වැළකී සිටිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා අවධාරණය කර සිටියි.
ඔහු මේ බව පැවසුවේ කොළඹ බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මුලස්ථානයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විජිත් හේරත් මහතා මෙසේ ද කීය
20 වැනි සංශෝධනයේ මූලික අරමුණ ඒකාධිපති, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි. ජවිපෙ 1978 සිටම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් නිවැරදි, සෘජු, ස්ථාවර ප්රතිපත්තියක හිටියා. ඒ ප්‍රතිපත්තියට අනුව තමයි 20 වැනි යෝජනාව ඉදිරිපත් කරන්නේ. මෙම යෝජනාව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් ඉදිරිපත් කොට තිබෙනවා. ඇත්තටම එය හොඳ සංවාදයක්. ඒ වගේම එම විවිධ පුද්ගලයින්ට අදහස් ඉදිරිපත් කිරීමට ඇති අයිතියට අපි ගරු කරනවා.
ඒ වගේම 20වැනි සංශෝධනය ගැන එවැනි අදහස් ප්‍රකාශ කිරීමේදී තාර්කික කරුණු මත පදනම්ව ඉදිරිපත් කළ යුතුයි. මේ අදහස් ඉදිරිපත් කරන බොහෝ අය 20 වැනි සංශෝධනය කොයි වගේද කියලා දන්නේ නැහැ. එය මෙසේ සිදුවෙයි කියා ඔවුන් කල්පනා කරන අදහස අනුව අනියත බියක් ඔවුන් තුළ තිබෙනවා. ඒ වගේම අවංකවම රටට ආදරය කරන පුද්ගලයින්ද මේ පිළිබඳව අදහස් පළ කරනවා. මීට අමතරව තමන්ගේ අනාගත බල ව්‍යාපෘතිය අවුල් වීම නිසා ඒ පිළිබඳව කෝපයෙන් කලබල වුණු අය 20 ට කඩා පනින බව අපිට පේනවා.
පසු ගියදා නායක හාමුදුරුවරුන් වහන්සේලා පිරිසක් 20 වැනි සංශෝධනය පිළිබඳ අදහස් ඉදිරිපත් කොට තබුණා. ඒ නිසා 20 අඩංගුව පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න අපි කල්පනා කළා.
20හි තිබෙන කරුණුවලට පරස්පර කරුණු තමයි ඒ පිළිබඳව දුර්මත තමයි ඉදිරිපත් වෙමින් තිබෙන්නේ. දැනට තිබෙන ජනතාවගේ ඡන්දයෙන් පත් වන ජනාධිපතිවරයා වෙනුවට 20 වැනි සංශෝධනයෙන් පසුව සිදු වන්නේ පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු පත් කිරීමයි.
දැනට තිබෙන ජනාධිපතිවරයාගේ ඇතැම් බලතල කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට පැවරෙන අතර කොටසක් ජනාධිපතිවරයා සතුව එලෙසම පවතිනවා. 20න් පසුව පත් වන ජනාධිපතිවරයා නාම මාති‍්‍රක වෙන්නේ නැහැ. 20 සම්මත වීමෙන් පසුව එය බලාත්මක වෙන්නේ 2020 ජනවාරි 08න් පසුවයි. එනම් වර්තමාන ජනාධිතිවරයාගේ ධුර කාලය අවසන් වීමෙන් පසුවයි. ඒ වගේම 20 සම්මත වී කි‍්‍රයාත්මක වෙන්නේ 2020 ජනවාරි 08දා නම් එදිනට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව ජවිපෙ යෝජනා කරනවා. ඒ අනුව රටට නව ජනාධිපතිවරයෙක්, නව කැබිනට් මණ්ඩලයක්, නව පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.
නව පාර්ලිමේන්තුවෙන් 20 වැනි සංශෝධනය අනුව මසක් ඇතුළත මන්තී‍්‍රවරුන්ගේ කැමැත්ත මත ජනාධිතිවරයා පත් වෙනවා. ඔහු රටේ රාජ්‍ය නායකයායි. ති‍්‍රවිධ හමුදාව බාර සේනාධිනායකයා වන්නේ ජනාධිපතිවරයායි. දැනට තිබෙන එම බලය එලෙසම පවතිනවා. එනිසා 20 සම්මත වීමෙන් පසුව ජාතික ආරක්ෂාව ගැන අනියත බියක් ඇති කර ගත යුතු නැහැ. 20න් පසුව පත් වන ජනාධිපතිවරයාට ඇමති ධුර දැරිය නොහැකියි. ඒ වගේම ඔහු කැබිනට් මණ්ඩලයේ නායකයාද නොවෙයි.
නමුත් අමාත්‍ය මණ්ඩලයේ තීරණ දැන ගැනීමටත් අමාත්‍ය මණ්ඩල පති‍්‍රකා ලබා ගැනීමටත් ඔහුට අයිතිය තිබෙනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලයට කැබිනට් පති‍්‍රකා ඉදිරිපත් කිරීමේ හැකියාවද ජනාධිපතිවරයාට තිබෙනවා. කැබිනට් මණ්ඩලයේ තීන්දු-තීරණ පිළිබඳව කැබිනට් ලේකම්වරයාගෙන් ජනාධිපතිවරයාට විමසීම් කළ හැකියි.
විධායක ජනාධිපති ධුරය අහෝසි වීමත් සමග රට බෙදන තැනකට තල්ලූ වන බව ඇතැම් අය චෝදනා කරනවා. මේ රටේ ඉතිහාසය තුළ ජනතා විමුක්ති පෙරමුණ රට බෙදීමට විරුද්ධව අරගල කරපු පක්ෂයක්. 60,000ක් ජීවිත පරිත්‍යාග කරපු පක්ෂයක්. එපමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණය තුළදී රට බෙදීමට එරෙහිව නඩු තීන්දු ලබා ගත්තු පක්ෂයක්. ඒ වගේම බෙදුම්වාදයට එරෙහිව යුදමය කි‍්‍රයාමාර්ග ගතයුතු බවට සෘජු ස්ථාවරයක හිටපු පක්ෂයක්. ඒ වගේම ප්රජාතන්ත්රවාදී නිදහස අවශ්‍ය සෑම වෙලාවකම එය දිනා ගැනීම වෙනුවෙන් මූලිකත්වය දෙන පක්ෂයක්.
එනිසා 20 වැනි සංශෝධනයෙන් කිසිදු අවස්ථාවක රට බෙදන, රට කැඩෙන තත්වයක් උදා නොවන බව ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාට අපි අවධාරණය කරනවා. රට බෙදීමට හෝ කැඞීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතබන බවද එම භාර ධූර කාර්යභාරය වෙනුවෙන් බැඳී සිටින බවද අපි අවධාරණය කරනවා.
1987 සම්මත වූ 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතුව තිබෙන බලතල කිසිවක් 20 නිසා වෙනස් වෙන්නේ නැහැ. ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ බලය ඔවුන් ඉවත් කිරීමේ බලය එලෙසම තිබෙනවා. ඉඩම් බලතල, පොලිස් බලතල එලෙසම පවතිනවා.
ඇතැම් අය ගෙනෙන තර්කයක් තමයි වර්දරාජා පෙරුමාල් වෙනම රාජ්‍යයක් ප්‍රකාශ කළ මොහොතේ විධායක ජනාධිපති බලතල නිසා එම උත්සාහය නතර කළා කියන එක. එය සම්පූර්ණ අසත්‍යයක්. 1977 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට එවැනි බලතල තිබුණේ නැහැ. ඒ නිසා වර්දරාජා පෙරුමාල් වෙනම රාජ්‍යයක් ප්‍රකාශ කළ මොහොතේ සිදු කළේ හදිසි පනතක් ලෙස පළාත් සභා පනතට සංශෝධනයක් ඉදිරිපත් කොට සම්මත කර ගැනීමයි.
ඒ අනුව තමයි ජනාධිපතිවරයා විසින් වර්දරාජා පෙරුමාල්ගේ උත්සාහය ආපසු හැර වූයේත්. එනිසා එම පනත කිසිසේත්ම 20 සංශෝධනයෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසාම තව දුරටත් පළාත් සභා දෙකක් ඒකාබද්ධ වීමෙන් පසුව හෝ වෙනත් ආකාරකයකින් වෙනත් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළහොත් එය වැලැක්වීමේ බලය ජනාධිපතිවරයා සතුව තිබෙනවා.
ඒ වගේම 13වැනි සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්වී තිබෙනවා. එම විනිසුරු මණ්ලයේ විනිසුරුවරුන් 09 දෙනෙක් හිටියා. නඩු තීන්දුවට අදාලව පළාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල 20 වැනි සංශෝධනය නිසා වෙනස් වන්නේ නැහැ.
එනිසා අපි ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාට මතක් කරනවා කාට හෝ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමේ බලය 20න් පසුවත් ලැබෙන්නේ නැහැ කියලා. ඒ වගේම මතයක් තිබෙනවා 20 යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර කාරක සභා අවස්ථාවේ බලය බෙදීමේ යෝජනා මෙම සංශෝධනයට ඇතුළත් කරන්න පුළුවන් කියලා. අපි ඉතාම වගකීමෙන් කියනවා එවැනි බලය බෙදීමේ යෝජනා කිසිවක් මෙම සංශෝධනයට ඇතුළත් කරන්න ඉඩ තබන්නේ නැහැ. රටේ ඒකීයභාවය, බුද්ධාගමට තිබෙන ප්‍රමුඛස්ථානය වැනි කිසිවක් 20 වැනි සංශෝධනය නිසා වෙනස් වන්නේ නැහැ.
මෙම යෝජනාවෙන් ජනාධීපතිවරයා සතුව තිබෙන යම් බලතල වෙනස් විය යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ අනුව තානාපතිවරු, කොමසාරිස්වරු පත් කිරීමට ජනාධිපතිවරයාට ඇති අත්තනෝමතික බලය වෙනස් කොට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව තානාපතිවරු සහ කොමසාරිස්වරු පත් කළ යුතු යැයි අපි යෝජනා කරනවා. මොකද, පසුගිය කාලයේ ජනාධිපතිවරු තමන්ගේ අත්තනෝමතික බලය පාවිච්චි කරලා මෙම තනතුරු සඳහා හොරු, මංකොල්ලකාරයින්, තමන්ගේ ඥාතීන් පත් කළා. එයින් විශාල ගැටලු මතු වුණා පමණක් නොව රට අපකීර්තියට පත් වුණා.
ඒ වගේම එම තනතුරු පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ ඉහළ නිළතල කාරක සභාවේ අනුමැතිය ලබා ගත යුතු යැයි අපි යෝජනා කරනවා. ඒ වගේම ජනාධිපතිවරයාට තිබෙන පොදු සමාව දීමේ බලය කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ලක් විය යුතුයි. හොරුන්ට, මංකොල්ලකාරයින්ට ජනාධිපති සමාව ලබා දුන් නිසා එම පොදු සමාව දීම හෑල්ලුවට ලක් වෙලා තිබෙනවා. එය වෙනස් කළ යුතුයි.
ජනාධිතිවරයා සමාව දීමට බලාපොරොත්තු වන වැරදිකරුවන්ගේ නාම ලේඛණයක් කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම ජනාධිපතිවරයා සතුව තිබෙන පාර්ලිමේන්තුව කල් තැබීමේ බලය අහෝසි කළ යුතුයි. රටට වැදගත් වන කිසිදු හේතුවක් නොමැතිව ජනාධිපතිවරයා සිය අත්තනෝමතික බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුව කල් දානවා. එය ප්රජාතන්ත්ර විරෝධියි. එනිසා ජනාධිපතිවරයාට තමන්ට හිතුමතේ පාර්ලිමේන්තුව කල් තැබීම අහෝසි කල යුතුයි.
ඒ වගේම 78 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා කිසිදු අධිකරණයට පැමිණ විය නොහැක. නමුත් 19 වන සංශෝධනයෙන් පසුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අධිකරණයට කැඳවිය හැකියි. ඊට අදාලව ජනාධිපතිවරයා සතුව තිබෙන මුක්තිය එලෙසම පවතිනවා. එසේ නොවන්නේ නම් ජනාධිපතිවරයා ගන්නා තීන්දු තීරණ අභියෝගයට ලක් කොට ඔහු අධිකරණයට කැඳවන්න උත්සාහ කළොත් ඔහුට කි‍්‍රයාත්මක වීමට නොහැකි වෙනවා.
එමෙන්ම තවත් පිරිසක් අදහස් පළ කරනවා විධායක බලතල නැති වුණාම රට අරාජික වෙනවා කියලා. එය සම්පූර්ණ අසත්‍යයක්. අපේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් විය යුතුව තිබෙනවා. පාර්ලිමේන්තුව, රට ස්ථාවරව පවතින්න අවශ්‍යයි. එනිසා අපි 20 වැනි සංශෝධනය සමඟ මන්තී‍්‍රවරුන්ට පක්ෂ මාරු කිරීමේ හැකියාව අහෝසි කළ යුතු බවට යෝජනා කරනවා. එක පක්ෂයකින් ජනවරමක් ලබා ගෙන මුදල්වලට විකිණිලා තව පක්ෂයකට මාරු වීමේ හැකියාව නීතියෙන් අහෝසි කළ යුතුයි. මෙම යෝජනාව 19වැනි සංශෝධනයේත් ඉදිරිපත් වුණා. නමුත් දිනේෂ් ගුණවර්ධණලා එම යෝජනාවට විරුද්ධ වුණා.
20 වැනි සංශෝධනයෙන් පසුව අගමැතිවරයා පත් කරන ආකාරය පිලිබඳව සඳහන් කොට තිබුණා. යම් පක්ෂක් මැතිවරණයට පෙර අගමැති අපේක්ෂකයා නම් කරන්නේ නම් එම පක්ෂය මන්තී‍්‍රවරුන්ගෙන් 50%ක් ලබාගත යුතුයි. එසේ නැත හොත් අගමැතිවරයා පත් කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත අනුවයි.
අපි පක්ෂයක් ලෙස සම්පාදනය කොට තිබෙන යෝජනාවලියේ මෙම මූලික කරුණ තිබෙනවා.මේ සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කොට සාධනීය කරුණු එකතු කරන්න අපි සූදානම්. එනිසා අපි ජනාධිපතිවරයා, අගමැතිවරයා, හිටපු ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා සමඟ මේ සම්බන්ධයෙන් අදහස් වුමමාරු කර ගන්නාව. ඒ වගේම සියලුම ආගමික නායකයින් හමුවෙලා සාකච්ඡා කරනවා. සියලුම අනු නායක හිමිවරුන් හමුවී කෙටුම්පත සම්බන්ධයෙන් කරුණු දැනුවත් කරනවා.
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අපේ රටේ සංස්කෘතිය පිළිබඳව මනාව තේරුම් ගත් පක්ෂයක්. රට ගැන හැඟීමක් කැක්කුමක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි සංස්කෘතික අමාත්‍යාංශය බාර ගන්න කොට එම අමාත්‍යාංශයට ‘ජාතික උරුමයන්’ කියන කොටස එක් කළේ සංස්කෘතිය සමඟ ජාතික උරුමයන් පිළිබඳව අපිට තිබෙන හැඟීම නිසා.
ඒ වගේම අපි සංස්කෘතික අමාත්‍යාංශය ලබා ගත්තේ රටේ සංස්කෘතිය ජාතික උරුමයන් ආරක්ෂා කිරීම මූලික කරුණක් නිසා. ඒ කැක්කුම අපිට තිබෙනවා. සියලූම ආගම්, ජාතිකත්ව නියෝජනය කරන ශී‍්‍ර ලාංකිකයින්ගේ අයිතිවාසිකම් රැකීමට අපි කටයුතු කරනවා. අපි ඒ බව වගකීමෙන් ගරු නායක ස්වාමීන් වහන්සේලාට මතක් කරන්න කැමතියි.
අපේ රටේ විවිධ ආගම් අදහන විවිධ ජාතිකත්වයන් ජීවත් වන රටක්. ඒ සියලූ දෙනාම වෙනුවෙන් තමයි අපි 20 වැනි සංශෝධනය ගෙන එන්නේ. අපේ රට ප්රජාතන්ත්ර විරෝධී අශිෂ්ටත්වයෙන් යුත් රටක් වෙනුවට ප්රජාතන්ත්රවාදී ශිෂ්ඨ සම්පන්න රටක් බවට පත් කළ යුතුව තිබෙනවා.
අපි 20වැනි සංශෝධනය ගෙන එන්නේ ඒකාධිපති පාලනය වෙනුවට ශිෂ්ඨ සම්පන්න පාලනයක් ගෙන ඒමට. ඇතැම් අය කියනවා 20 වෙනුවෙන් ජන වරමක් අවශ්‍යයි කියලා. මේ සඳහා ජන වරමක් අමුතුවෙන් අවශ්‍ය නැහැ. මොකද, ජනාධිපතිවරු 05දෙනෙක් අවස්ථා 5කදී ජනවරම ලබා ගෙන තිබෙනවා. 1994, 1999, 2005, 2010, 2015 යන සෑම ජනාධිපතිවරණයකදීම ජනතාව විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ජන වරම ලබාදී තිබෙනවා.
මෙම යෝජනාව සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක් අවශ්‍යයි. එය ලබා ගැනීමෙන් පසුව ජන මත විචාරණයක් සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කළ යුතුබව අධිකරණය පවසන්නේ නම් ඒ සඳහා අපි සූදානම්. මොකද අපි ජනතාව ගැන විශ්වාසය තබන පක්ෂයක්. ඒ වගේම 20 පිළිබඳව දැනුවත්ව හෝ නොදැනුවත්ව තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් හෝ අදහස් දක්වන සියලූ දෙනාට අපි ස්තූතිවන්ත වෙනවා.
ඔවුන්ගේ අදහස්වලින් තමයි මේ සංවාදය ජනතාව අතරට යන්නේ. ඒ වගේම අපි කියනවා මෙම සංවාදය තාර්කික කරුණු මත පමණක් පදනම් වෙලා කරන්න කියලා. තමන්ගේ බල ව්‍යාපෘතිය අසාර්ථක වීම නිසා ඇති වූ වියරුවෙන් ප්‍රකාශ නිකුත් කරන්න එපා කියලත් අපි ඉල්ලනවා. සියලූ දෙනා සමඟ සාකච්ඡා කරලා අපි සාර්ථක යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7