අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බන්ධනාගාර 02ක් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට..!

බන්ධනාගාර 02ක් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට..!

(නිලන්ති චන්ද්‍රසේන) බන්ධනාගාර 2ක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා යෙදවීමට මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය තීරණය කර තිබේ. මෙලෙස පුනරුත්ථාපන මධ්‍යස්ථාන බවට පත් කිරීමට තීරණය…

(නිලන්ති චන්ද්‍රසේන)

බන්ධනාගාර 2ක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා යෙදවීමට මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය තීරණය කර තිබේ.

මෙලෙස පුනරුත්ථාපන මධ්‍යස්ථාන බවට පත් කිරීමට තීරණය කර තිබෙන්නේ මීතිරිගල බන්ධනාගාරය සහ කන්දෙවත්ත බන්ධනාගාරය බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙම  බන්ධනාගාර 2ක අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලට අනුයුක්ත කර  පුනරුත්ථාපන සහ ප්‍රතිකාර කටයුතු සිදු කිරීමට නියමිතයි.

මෙම පියවර ගනු ලැබුවේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ලයේ යටතේ ඇති පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පවතින තදබදය හේතුවෙන් බවද අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටි.

එහි පුනරුත්ථාපනය භාර අධ්‍යක්ෂ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා ප්‍රකාශ කරන්නේ  මේ වන විට ඊට අදාළ අනුමැතිය බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ලබාගෙන ඇති බවයි.

අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ  මීට අදාළ  කැබිනට් පත්‍රිකාව සකස් කර ඇති අතර  කැබිනට් මණ්ඩලයට එය  යොමු කිරීමට නියමිත බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බන්ධනාගාර 02ක් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට..! | Lanka Newsweek