අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බදු නිලධාරීන්ට බදු හොරුන්ගෙන් සංතෝසම්

බදු නිලධාරීන්ට බදු හොරුන්ගෙන් සංතෝසම්

(රංජිත් ගුණවර්ධන) නොගෙවා පහර හරිනු ලැබූ රුපියල් කෝටි 891.04ක හිඟ බදු මුදලක් වාරික වශයෙන් ගෙවා දැමීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව විශේෂ පුද්ගලයින් නවසිය දහ අට දෙනෙකුට අයතා ලෙස අවසර ලබා දී තිබේ.…

(රංජිත් ගුණවර්ධන)

නොගෙවා පහර හරිනු ලැබූ රුපියල් කෝටි 891.04ක හිඟ බදු මුදලක් වාරික වශයෙන් ගෙවා දැමීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව විශේෂ පුද්ගලයින් නවසිය දහ අට දෙනෙකුට අයතා ලෙස අවසර ලබා දී තිබේ.

දේශීය අදායම් බදු  පනතේ  විධිවිධාන යටතේ නොගෙවා පහර හරින ලද බදු මුදල් වාරික වශයෙන් අය කර ගැනීම සදහා අධිකරණ ක්‍රියා මාර්ග ඔස්සේ  මහේස්ත්‍රාත්වරයෙකුගේ අවසරය ලබාගත යුතු වුවත් දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ මැදිහත්වීම මත පුද්ගලයින්ට මේ අවසරය ලබා දී තිබේ.

දේශීය ආදයම් බදු දෙපාර්තමේන්තුවේ අංශ සහ ප්‍රාදේශීය කාර්යාල 35ක් මගින්  මහේස්ත්‍රාත්වරයෙකුගේ අවසරයකින් තොරව අදාළ පුද්ගලයන්  සදහා මේ විශේෂ අවසරය ලබා දී තිබෙන්නේ  දෙපාර්තමේන්තුවේ බදු අංශයේ ඉහල පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් අදාළ පුද්ගලයින්ගෙන්  විවිධ වරප්‍රසාද ලබා ගැනීමෙන් අනතුරුව බව ද වාර්තා වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බදු නිලධාරීන්ට බදු හොරුන්ගෙන් සංතෝසම් | Lanka Newsweek