බදු දැලෙන් රිංගා යන කුටකයින් මට්ටු කිරීමට සාගල මැදිහත් වෙයි

බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් සේම බදු අය කර ගැනීම නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයා ගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදයක් 2023 දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය…
බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් සේම බදු අය කර ගැනීම නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයා ගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදයක් 2023 දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ උපදෙස් මත ක්‍රියත්මක කෙරෙන මෙම තොරතුරු පද්ධතිය Random Access Management Information System ලෙස නම් කර ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මෙම පද්ධතිය මගින් බැංකු, රේගුව සහ සුරා බදු ආදී මුදල් ගනුදෙනු සිදු වෙන ආයතන ගණනාවක් නිරීක්ෂණයට ලක් වෙයි.
දැන්වීම
මෙම නව පද්ධතිය මගින් නිලධාරීන්ට ආදායම් බදු එකතු කර ගැනීමට පහසු වන අතර ආදායම් බදු නොගෙවා පැහැර හරින අය අනාවරණය කර ගැනීමටත් හැකියාව ලැබෙයි.
ආදායම් ලිපි ගොනු විවෘත කර නැති පිරිස සොයා ගැනීම සේම නිලධාරීන් ආදායම් බදු එකතු කිරීම පැහැර හැර තිබේ නම් ඔවුන් පිළිබඳව මෙම නව ක්‍රමවේදය යටතේ හෙළිදරව් කර ගැනීමට අවස්ථාව සැලසෙයි.
මීට වසර ගණනාවකට පෙර මෙම තොරතුරු පද්ධතිය ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබුණු අතර නිලධාරීන් විදෙස් රටවලට ද යවා එම පද්ධතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන පුහුණුව දී තිබුණත් නොයෙක් තාක්ෂණික ගැටලු මතු කරමින් එම පද්ධතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර තිබිණ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වීමෙන් පසුව සාගල රත්නායක මහතාට උපදෙස් දී ඇත්තේ මෙම Random Access Management Information System පද්ධතිය ක්‍රියාත්මක කොට පවත්වා ගෙන යන ලෙසයි.
ඒ අනුව මුදල් අමාත්‍යංශය සමඟද සාකච්ඡා කොට මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කරන අතර දත්ත එකතු කිරීමේ ජාලයක් ද මේ යටතේ නිර්මාණය වෙයි.
මෙම පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි රජයේ බලය ලත් ප්‍රධානීන්ට ඔවුන්ගේ ජංගම දුරකථනය හෝ පරිගණකයෙන් පරීක්ෂා කරන්නට ද අවස්ථාව ලැබෙයි.