බදුවලට එරෙහිව කළු විරෝධතා සතියක්

රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට විරෝධය පළ කරමින් 2023 ජනවාරි මාසයේ අවසන් සතිය කළු විරෝධතා සතියක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල්…
රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට විරෝධය පළ කරමින් 2023 ජනවාරි මාසයේ අවසන් සතිය කළු විරෝධතා සතියක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ආර්ථික වශයෙන් රට පත්ව ඇති අර්බුදය හමුවේ තව දුරටත් බදු අය කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් වෘත්තිකයන් දැඩි පීඩාවට පත් වන බවය.
මීට විරෝධය පළ කිරීමේ එක් පියවරක් ලෙස දිවයිනේ සියලු රෝහල් ආවරණය වන පරිදි වෛද්‍යවරුන් 20,000කගෙන් පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර ඒ අනුව එම අත්සන් සහිත පෙත්සම 2023 ජනවාරි 10 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට නියමිතය.