බදුල්ල රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍යවරයාට හදිසි ස්ථාන මාරුවක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය සැත්කම් සඳහා බදුල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා අනුයුක්ත කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ…
(නිලන්ති චන්ද්‍රසේන)
වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය සැත්කම් සඳහා බදුල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා අනුයුක්ත කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටි.
පසුගිය 3 වන දා පෙරවරුවේ හිඳගල මාර්ගයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරය අසළ සිය මෝටර් රථය නවතා සිටියදී අනුරාධපුර රෝහලේ සේවය කළ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය යොහාන් කෝරලගේ මහතාට පැහැර දීම හේතුවෙන් අනුරාධපුර රෝහලේ ස්නායු ශල්‍ය සැත්කම් සිදුකිරීම සඳහා බාධා මතු ව තිබෙන බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම ලබා දී ඇත.
මේ වන විට මෙයින් පීඩාවට පත් ව ඇති රෝගීන් සංඛ්‍යාව 800 කට අධික බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1