අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බද්දේගම සමිත හිමිගේ නාමය සියලු හදවත්වල නොනැසී පවතීවි

බද්දේගම සමිත හිමිගේ නාමය සියලු හදවත්වල නොනැසී පවතීවි

සමාජ සධාරණත්වය, සමානාත්මතාවය සහ අදීනත්වය උන්වහන්සේගේ ජීවන දර්ශනයයි උන්වහසේගේ අපවත් වීම රටට දැරිය නොහැකි පාඩුවක් ප්‍රගතිශීලි ජනතාව අතර උන්වහන්සේගේ නාමය අමරණීයයි සමාජ සධාරණත්වය, සමානාත්මතාවය සහ…

සමාජ සධාරණත්වය, සමානාත්මතාවය සහ අදීනත්වය උන්වහන්සේගේ ජීවන දර්ශනයයි 

උන්වහසේගේ අපවත් වීම රටට දැරිය නොහැකි පාඩුවක් 

ප්‍රගතිශීලි ජනතාව අතර උන්වහන්සේගේ නාමය අමරණීයයි 

බද්දේගම සමිත හිමිගේ නාමය සියලු හදවත්වල නොනැසී පවතීවි

සමාජ සධාරණත්වය, සමානාත්මතාවය සහ අදීනත්වය සිය ජීවන දර්ශනය කොට ගත් බද්දේගම සමිත නා හිමියන්ගේ අපවත් වීම සමස්ත ශ්‍රී ලංකාවටම සිදු වූ පිරිමැසිය නොහැකි දැවැන්ත පාඩුවක් වන අතර, බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක ලෙස උන් වහන්සේ තබා ඇති පියවර තවත් බොහෝ කාලයක් නොමැකී පවතිනු ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

බද්දේගම ශ්‍රී පාදගොඩැල්ල චෛත්‍යාරාම විහාරාධිපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෞරවණීය බද්දේගම සමිත හිමිපාණන් වහන්සේ අපවත්වීම සම්බන්ධයෙන් සිය සංවේගය පළ කරමින් කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම ශෝක පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ. 

දැන්වීම

බද්දේගම ශ්‍රී පාදගොඩැල්ල චෛත්‍යාරාම විහාරාධිපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෞරවණීය බද්දේගම සමිත හිමිපාණන් වහන්සේ අපවත්වී වදාළ පුවත අසන්නට ලැබීමෙන් අපි මහත් සේ සංවේගයට පත්වීමු.

උන්වහන්සේගේ අපවත්වීම සමස්ත ශ්‍රී ලංකාවටම සිදු වූ පිරිමැසිය නොහැකි දැවැන්ත පාඩුවකි. ශ්‍රී ලාංකේය සමාජ දේශපාලන ක්‍රියාකාරීන් අතර බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක ලෙස උන් වහන්සේ තබා ඇති පියවර තවත් බොහෝ කාලයක් නොමැකී පවතිනු ඇත. රටේ ප්‍රගතිශීලි ජනතාව අතර අමරණීය මතක සටහන් ඉතිරි කරනු ඇත. 

සමාජ සධාරණත්වය, සමානාත්මතාවය සහ අදීනත්වය උන්වහන්සේගේ ජීවන දර්ශනය විය. සිය දේශපාලන භූමිකාවේ දී වේවා බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක සේ උන්වහන්සේගේ ආත්ම ගත දැක්ම මත වේවා එකී පරමාදර්ශය නොනිවී දැල්වෙනු අපි දුටුවෙමු. සිය ගෞරවණීය ගුරු දේවෝත්තමයාණන් වූ අති පූජ්‍ය ගණේගම ශ්‍රී සරණංකර නායක මා හිමිපාණන් වහන්සේගේ මහරු ගුණ කඳ තමන්ටම ආවේණික වූ ජීවන දහම ඇතුළත උන්වහන්සේ නිරතුරුවම විද්‍යාමාන කළ සේක. 

සමාජයේ ආන්තික ජන කොටස් වෙත දයාර්ද්‍ර සිතින් යුතුව කරුණාව සහ මෛත්‍රිය දැක් වූ සේක. එවන් මහරු ගුණයන්ගෙන් යුක්ත බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා මේ රටට තව තවත් ඇවැසි මොහොතක උන්වහන්සේගේ නික්මයාම මේ රටේ යුක්ති ගරුක සමාජයට සිදු වූ ඉමහත් පාඩුවකි. එසේ වුවද සිය නික්ම යෑම මගින් උන්වහන්සේ අපට මැනවින් පසක් කර ඇත්තේ සිය පරමාදර්ශී ශාස්තෘවරයාණන් පෙන්වා දුන් සියලු සංස්කාරයන්හි ඇති අනිත්‍යයේ පරම සත්‍යයයි. උන්වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා..!
 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
බද්දේගම සමිත හිමිගේ නාමය සියලු හදවත්වල නොනැසී පවතීවි | Lanka Newsweek