බද්දට එරෙහිව වෘත්තීය සමිති එකමුතු වෙයි

අසාධාරණ ලෙස බදු අය කිරීම අත්හිටු වීමට මෙම සතියේ දී පියවර නොගන්නේ නම් එළඹෙන සතියේ සිට දැඩි වෘත්තිමය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තීවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. එම සංගමය නියෝජන කරන රජයේ…
අසාධාරණ ලෙස බදු අය කිරීම අත්හිටු වීමට මෙම සතියේ දී පියවර නොගන්නේ නම් එළඹෙන සතියේ සිට දැඩි වෘත්තිමය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තීවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.
එම සංගමය නියෝජන කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීම සඳහා අවස්ථාවක් ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරන බවය.
වෘත්තීවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා සඳහන් කළේ, වරායේ සියලු වෘත්තීය සමිති හෙට ඒකරාශී කර තීරණයක් ගන්නා බවය.