බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

බස් රථ සැරසිලි සොයා බැලීමටත් කමිටුවක්..? අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතිය ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද…
බස් රථ සැරසිලි සොයා බැලීමටත් කමිටුවක්..?
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතිය ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවති අමාත්‍යමණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරන ලදී.
ඒ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කලේ එම වාර්තාව පාර්ලිමේන්තුවට හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට මේ වන විටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි. තවද බස් රථ සැරසිලි (Modifications) පිළිබඳව සොයා බලා කරුණු වාර්තා කිරීමේ කමිටුවක් පිහිටුවීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන් කරන ලදී.
(අචින්ත මධුර)
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1