ඵලදායීතාවයෙන් අඩුම රාජ්ය ආයතනය ජනාධිපති කාර්යාලය බව ජනපතිම පිළිගනී.

(උපුල් බණ්ඩාර) රාජ්ය ආයතන අතරින් අවම ඵලදයීතාවයක් සහිත රාජ්ය ආයතනය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසා තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමග එම කාර්යාලයේදී…
(උපුල් බණ්ඩාර)
රාජ්ය ආයතන අතරින් අවම ඵලදයීතාවයක් සහිත රාජ්ය ආයතනය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසා තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමග එම කාර්යාලයේදී පසුගියදා පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී මේබව පවසා තිබෙන මෛත්රීපාල සිරිසේන මහතා මේ තත්ත්වය තමාට දැඩි ලැජ්ජාවට කාරණයක් බව ද අවධාරණය කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ අවම ඵලදායීතාවය නිසා තම දැඩි අපහසුතාවයකට පත් විය හැකි බව සිය හිතවතුන්,රාජ්ය තාන්ත්රිකයින් සහ සිවිල් සංවිධාන ක්රියාකාරීන් තමාට නිතර පෙන්වා දෙන බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.