අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ප‍්‍රශ්න විසදන්නට පෙර සින්දු අහන්න..!

ප‍්‍රශ්න විසදන්නට පෙර සින්දු අහන්න..!

(සමීර වීරක්කොඩි) ඔබ විසදා ගන්නට නොහැකි තරමේ බැරෑරුම් ප‍්‍රශ්නයකට මුහුණ දී සිටිනවාද? එසේ නම් ඔබ කළ යුතු වන්නේ සතුටුදායක,එමෙන් ම ධනාත්මක හැඟීම් ඇති කරවන සංගීතයට සවන් දීමයි. එසේ පවසන්නේ ඔස්ටේ‍්‍රලියාවේ…

(සමීර වීරක්කොඩි)

ඔබ විසදා ගන්නට නොහැකි තරමේ බැරෑරුම් ප‍්‍රශ්නයකට මුහුණ දී සිටිනවාද? එසේ නම් ඔබ කළ යුතු වන්නේ සතුටුදායක,එමෙන් ම ධනාත්මක හැඟීම් ඇති කරවන සංගීතයට සවන් දීමයි. එසේ පවසන්නේ ඔස්ටේ‍්‍රලියාවේ සඞ්නි තාක්‍ෂණ විද්‍යාලයේ මහාචාර්ය Sam Ferguson හා නෙදර්ලන්තයේ Radbound විශ්වවිද්‍යාලයේ Simone Ritter යන පර්යේෂකයන් දෙපලයි.

ඔවුන් මේ මතය ඉදිරිපත් කරන්නේ තමන් විසින් සිදු කරන ලද අධ්‍යයනයන් පාදක කර ගනිමින්. මේ අධ්‍යයනය “PLOS ONE”  ජර්නලයේ පළ වී තිබුණා. තම අධ්‍යයනය සඳහා පර්යේෂකයන් පුද්ගලයන් 155කගේ දත්ත භාවිත කළා. එම පිරිස කණ්ඩායම් වලට බෙදා එක් එක් කණ්ඩායමට විවිධ ආකාරයේ ගීත අසන්නට ලබා දුන්නා. ඒවා නම් ප‍්‍රීතිදායකල දුඃඛදායකල සන්සුන් කරවන කාංසාමය යන ඒවායි. එසේ ම තවත් කණ්ඩායමක් නිහඬ බවට සවන් දුන්නා.

එනම් කිසිදු ගීයක්, තනුවක් නො වැයෙන ස්ථානයක ඔවුන් රැුඳෙව්වා. මෙසේ ගීත අහන්නට දීමෙන් පසු ඔවුන්ට විශේෂ ක‍්‍රියාකාරකමකට යොමු කළා. එය ප‍්‍රශ්න විසඳීම හා නිර්මාණශීලී චින්තනයට අදාළ ක‍්‍රියාකාරකමක්. මෙහිදී පසුව පෙනී ගියේ ඉහළ ම ලකුණු ලැබුවේ ප‍්‍රීති දායක ගී ගැයූ අය බවයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ප‍්‍රශ්න විසදන්නට පෙර සින්දු අහන්න..! | Lanka Newsweek