අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පෞද්ගලීකරණයට යන මෝඩ තීන්දු මං ළඟ නෑ-සජිත්-

පෞද්ගලීකරණයට යන මෝඩ තීන්දු මං ළඟ නෑ-සජිත්-

තමා පෞද්ගලීකරණයට නැඹුරු දේශපාලනඥයකු නොවන බවත් ඕනෑම දෙයකට පෞද්ගලීකරණය යන මෝඩ තීන්දු තමන් ළඟ නොමැති බවත් කඩවත ප‍්‍රදේශයේ පැවැති ජන රැළියකට සහභාගී වෙමින් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර…

තමා පෞද්ගලීකරණයට නැඹුරු දේශපාලනඥයකු නොවන බවත් ඕනෑම දෙයකට පෞද්ගලීකරණය යන මෝඩ තීන්දු තමන් ළඟ නොමැති බවත් කඩවත ප‍්‍රදේශයේ පැවැති ජන රැළියකට සහභාගී වෙමින් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස පවසයි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

"ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මොනම හේතුවකටවත් හකුලා ගන්නේ නැහැ. මගේ රජය යටතේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉදිරියේදී අනිවාර්යයෙන්ම කි‍්‍රයාත්මක කරනවා.

දැන්වීම

අපේ රට අත්සන් කර ඇති සෑම ගිවිසුමක්ම එළඹෙන 16 වැනිදායින් පසුව ආපසු හොඳින් පරිශීලනය කර බලා මොනයම් හෝ ගිවිසුමක ජාතික අවශ්‍යතාවට, අනන්‍යතාවයට, රටේ නිදහසට විරුද්ධව කිසියම් හෝ වගන්තියක් තිබේ නම් එම සියලූම වගන්ති ඉවත් කිරීමට පැකිලෙන්නේ නැහැ.

විරුද්ධවාදී කණ්ඩායම් ජනතාව නොමග යවමින් ගෝනි බිල්ලන් මවන්නට කටයුතු කරමින් සිටින නමුත් පේ‍්‍රමදාසලා කිසි දිනක රට පාවා දෙන්නේ නැහැ.

රාජ්‍ය ආයතනවල ඉහළ පුටුවලට පවුල් සාමාජිකයන් සහ දේශපාලන ගැත්තන් නොව, දක්‍ෂ නිලධාරීන් පත්කර පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ල කෙටි කාලයක් තුළ ලාභ ලබන ආයතන බවට පත් කරනවා." 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පෞද්ගලීකරණයට යන මෝඩ තීන්දු මං ළඟ නෑ-සජිත්- | Lanka Newsweek