පෞද්ගලික රෝහල් මිල ගණන් නියාමනය කෙරේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පෞද්ගලික රෝහල්වල සේවා සඳහා අය කෙරෙන මිල ගණන් නියාමනය ඉදිරි සතියේ සිට සිදු කරන බව සෞඛ්‍ය සහ පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කර…
පෞද්ගලික රෝහල්වල සේවා සඳහා අය කෙරෙන මිල ගණන් නියාමනය ඉදිරි සතියේ සිට සිදු කරන බව සෞඛ්‍ය සහ පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ, ඒ යටතේ විවිධ අයකිරීම් 53 ක මිල නියාමනය කරන බව ය.මිල නියාමනය කිරීමේ අවසන් ලැයිස්තුව කඩිනමින් ලබා දෙන්නැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
වාර්තාව ලැබුණු පසු මිල නියාමනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති අතර සැත්කම්, රසායනාගාර පරීක්ෂණ, දරු ප්‍රසූත ඇතුලු විවිධ අය කිරීම් මෙහිදී නියාමනය කිරීමට නියමිතය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1