පොළොන්නරුවේ වන ජීවී නිලධාරීන් වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයක..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පොළොන්නරුව කලාපයේ වනජීවී නිලධාරීන් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වන ජීවී නිලධාරීන්ට පැහැර දීමේ සිද්ධියක් මුල් කර ගනිමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් කවුඩුල්ල, මින්නේරිය,…
පොළොන්නරුව කලාපයේ වනජීවී නිලධාරීන් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වන ජීවී නිලධාරීන්ට පැහැර දීමේ සිද්ධියක් මුල් කර ගනිමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
මේ හේතුවෙන් කවුඩුල්ල, මින්නේරිය, වස්ගමුව සහ අංගම්මැඬිල්ල යන වනෝද්‍යානයවලට සංචාරකයින් ඇතුළු කර ගැනීම මේ වන විට නතර කර ඇති බව වන ජීවී නිලධාරීන් ප්‍රකාශ කර සිටි.ඒ අනුව ක්ෂේත්‍ර කටයුතුවලින් බැහැරව කාර්යාල කටයුතුවල පමණක් නිරත වන බව කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ භාරකරු ප්‍රකාශ කර සිටි.
ඉරිදා (26) රාත්‍රියේ මින්නේරිය ජාතික උද්‍යානයට ධීවරයෙකු අනවසරයෙන් ඇතුල් වීම හේතුවෙන් වනජීවී නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගත් අතර පසුව පැමිණි තවත් ධිවරයින් පිරිසක් විසින් වන ජීවී නිලධාරීන්ට පැහැර දී ඇත. එහිදී නිලධාරීන් 10 දෙනෙක් පමණ තුවාල ලැබූ අතර පුද්ගලයින් 04 දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුළත් කර ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1