අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොළොන්නරුවෙන් බෞද්ධ පුරාවස්තු රැසක් හමුවෙයි..!

පොළොන්නරුවෙන් බෞද්ධ පුරාවස්තු රැසක් හමුවෙයි..!

(නිලන්ති චන්ද්‍රසේන) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පොළොන්නරුවේ විසි අටේ කණුවේ සිදු කළ පුරා විද්‍යා කැනීම් ඇසුරෙන් උස අඩි 10-15ක් අතර වන ප්‍රතිමා ගෘහයක්, වේදිකාවක් මත ඉදි කළ කුඩා චෛත්‍යයක්, බුදු…

(නිලන්ති චන්ද්‍රසේන)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පොළොන්නරුවේ විසි අටේ කණුවේ සිදු කළ පුරා විද්‍යා කැනීම් ඇසුරෙන් උස  අඩි 10-15ක් අතර වන ප්‍රතිමා ගෘහයක්, වේදිකාවක් මත ඉදි කළ කුඩා චෛත්‍යයක්, බුදු පිළිමයක  හිසක්, බුදු පිළිම දෙකක් සහ බෝධිසත්ව පිළිම දෙකක් හමු වී ඇත.

පොළොන්නරුවෙන් බෞද්ධ පුරාවස්තු රැසක් හමුවෙයි..!

දැන්වීම

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  සංකල්පයකට අනුව, ක්‍රියාවට නැංවෙන පිබි දෙන පොළොන්නරුව ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ  නිලධාරීන්  වන, කැනීම් නිලධාරී ඒ ඒ විජේරත්න මහතා, ව්‍යාපෘති භාර නිලධාරී තනුජා අමරතුංග  මහත්මිය ඇතුළු පුරා විද්‍යා නිලධාරීන් පිරිසක් මෙම කැනීම් කටයුතු භාරව කටයුතු කර ඇත.

ඉදිරියේ දී ඉදිකිරීමට යෝජිත වකුගඩු රෝහල සඳහා විසි අටේ කණුව භූමි පරිශ්‍රය යොදා ගැනීමට පෙර මෙම ප්‍රදේශයේ සිදු කරන ලද කැනීම් කටයුතුවල දී පුරා වස්තු පිළිබඳ මේ තොරතුරු අනාවරණය වී ඇති බව එම නිලධාරීන් පවසයි.

ජාතික උරුමයන් සහ සංස්කෘතික වටිනාකම් නිසි පරිදි හඳුනා ගනිමින්, ඒවා නිවැරදිව සංරක්ෂණය කොට අනාගත පරපුර වෙත පවරා දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ ක්‍රියා මාර්ග රැසක් මෑත කාලීනව ක්‍රියාවට නංවා ඇති අතර, පොළොන්නරුවේ මෙම කැනීම් හරහා හඳුනා ගත් පුරා වස්තු සංරක්ෂණයට ද ඉදිරියේ දී පියවර ගැනීමට අපේක්ෂිතයි.

පසුගිය මාර්තු මාසයේ සිට ආරම්භ කරන ලද  මෙම පරිශ්‍රයේ කැනීම් කටයුතු මැයි මස අග තෙක් ක්‍රියාත්මක වන අතර, ජුනි මාසයේ දී සංරක්ෂණ කටයුතු ද ආරම්භ කිරී මට නියමිතයි.

පොළොන්නරුවෙන් බෞද්ධ පුරාවස්තු රැසක් හමුවෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පොළොන්නරුවෙන් බෞද්ධ පුරාවස්තු රැසක් හමුවෙයි..! | Lanka Newsweek