පොහොර බෙදන්නෙත් හමුදාව නම් රටට කෘෂි ඇමැතියෙක් කුමකටද..?

පොහොර බෙදන කටයුත්ත හමුදාපතිවරයාට භාර දෙනවා නම් මේ රටට කෘෂිකර්ම අමාත්‍යවරයෙකු හෝ පොහොර ඇමතිවරයෙකු කුමකටදැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියි. ගොවීන් අතර පොහොර…
පොහොර බෙදන කටයුත්ත හමුදාපතිවරයාට භාර දෙනවා නම් මේ රටට කෘෂිකර්ම අමාත්‍යවරයෙකු හෝ පොහොර ඇමතිවරයෙකු කුමකටදැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියි.
ගොවීන් අතර පොහොර බෙදා ගන්නට නොහැකි ආණ්ඩුව එම වගකීම ද හමුදාපතිවරයාට භාර දෙන නමුත් රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් ඇමතිවරුන් නඩත්තු වීම කෙතරම් අපරාධයක් විමසා සිටින සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා මෙහිදී ලබා දී ඇති සංඥාව වන්නේ සිය කෘෂිකර්ම අමාත්‍යවරයා, පොහොර අමාත්‍යවරයා සහ සියලු නිලධාරින් අසාර්ථක බව යැයි ද පෙන්වා දෙයි.
ආණ්ඩුවට රාජ්‍ය සේවකයින් පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති නමුත් තමාට එම නිලධාරීන් පිළිබඳව පූර්ණ විශ්වාසයක් ඇති අතර කළ යුතු වන්නේ මනා කළමණාකාරීත්වයකින් යුතුව ඔවුන්ගේ සේවය රටට ලබා ගැනීම යැයි ද සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කෘෂි කර්මාන්තය අරඹයා ආණ්ඩුව විසින් ගනු ලබන මේ අදූරදර්ශි සහ අන්තනෝමතික ක්‍රියා මාර්ග හේතු කොට ගෙන ඉතාම ඉක්මනින් රටේ සාගතයක් ඇති වී ජනතාව අන්ත අසරණ වනු ඇතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනතුරු අඟවා සිටියි.