අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොහොට්ටුව ගමට ඒම වළක්වන්න නරින්ට බැහැ

පොහොට්ටුව ගමට ඒම වළක්වන්න නරින්ට බැහැ

"හූ" කියන්නේ ප්‍රතිපත්තියක් නොමැති බංකොලොත් දේශපාලන පක්ෂ රට ගිනි තබා විනාශ කළ දේශපාලන පක්ෂත් ඒ අතර සිටිනවා අභියෝග-චෝදනා කෙතරම් ආවත් පොහොට්ටුව ගම එක්කයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගමට ඇවිත් ගම්මට්ටමේ…

"හූ" කියන්නේ ප්‍රතිපත්තියක් නොමැති බංකොලොත් දේශපාලන පක්ෂ 

රට ගිනි තබා විනාශ කළ දේශපාලන පක්ෂත් ඒ අතර සිටිනවා 

අභියෝග-චෝදනා කෙතරම් ආවත් පොහොට්ටුව ගම එක්කයි 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගමට ඇවිත් ගම්මට්ටමේ පාක්ෂිකයින් සමග දේශපාලන කරමින් ඔවුන් සංවිධානය කිරීම "හූ" කියා වැළැක්විය නොහැකි යැයි එම පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

අභියෝග සහ චෝදනා කෙතරම් ආවත් පාක්‍ෂිකයොත් සමඟ ගම්වල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ක්‍රියාත්මක වන බවත් "හූ" කියන දේශපාලන පක්‍ෂවල අරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමට ඒම නැවැත්වීම බවත් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියි. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැහැදිළිවම ගමට යන බව පවසන නාමල් රාජපක්‍ෂ මහතා ප්‍රතිපත්තියක්, විනයක් සහ කොන්දක් නොමැති සමහර දේශපාලන පක්‍ෂවලට "හූ" කීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ද සඳහන් කරයි. 

දැන්වීම

ක්‍රීඩා කළ අයෙකු හැටියට රග්බි නම් "රෙෆ්රි" ට ද, ක්‍රිකට් නම් "අම්පයර්" ට ද  බනින අතර එසේ නොමැති නම් පරදින හෝ දිනන පැත්තට ප්‍රේක්‍ෂකයො "හූ" කියන බව තමා දැක ඇති බවත් සමහර දේශපලාන පක්‍ෂ බංකොළොත් වුණාම, ප්‍රතිත්පතියක් නැති වුණාම සහ විනයක් නැති වුණාම මේ උපක්‍රම භාවිතා කරන බවත් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙපරමුණ ගමට ඒම වැළැක්වීමට මෙම ප්‍රතිපත්තියක් සහ විනයක් නොමැති උපක්‍රම භාවිතා කරන බව කියා සිටින නාමල් රාජපක්ෂ මහතා සිය පක්ෂය ගමට නොඑන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගමට එන්නේ නැති බවට මොවුන්ම චෝදනා කරන බව ද පවසයි.

1988 සිට මහා ජන දේපොළ සහ මිනිස්සුන්ගේ නිවාස ගිනි තැබූ දේශපලන පක්‍ෂ පාර්ලිමේන්තුවේ සිටින බවත් ඔවුන්ගේ නායකත්වය පිළිබඳව අභියෝගයක් තිබෙන අය ජනාධිපති අපේක්‍ෂකයා යැයි නම් කර ගෙන දඟලන බවත් නාමල් රාජපක්ෂ රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කියා සිටියි.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පොහොට්ටුව ගමට ඒම වළක්වන්න නරින්ට බැහැ | Lanka Newsweek