අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොහොට්ටුව ඉවරද..?

පොහොට්ටුව ඉවරද..?

පොහොට්ටුව රැල්ල හැදු හැටි..! පොහොට්ටුවට එරෙහිව මෛත්‍රී ගහපු ගේම..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) "අපේ මිනිසුන්ට ලකුණකින් පක්ෂයක් මතක තියෙනවා නම් ඒ පොහොට්ටුවයි.ඒකට මිනිස්සු කියන්නේ පොහොට්ටු පක්ෂය.." මේ…

පොහොට්ටුව රැල්ල හැදු හැටි..!

පොහොට්ටුවට එරෙහිව මෛත්‍රී ගහපු ගේම..!

පොහොට්ටුව ඉවරද..?

(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

"අපේ මිනිසුන්ට ලකුණකින් පක්ෂයක් මතක තියෙනවා නම් ඒ පොහොට්ටුවයි.ඒකට මිනිස්සු කියන්නේ පොහොට්ටු පක්ෂය.." මේ පොහොට්ටුව ස්ටිකරයක් පිටුපස ගසා ගත් ත්‍රීරෝද රථ රියදුරකු කී කතාවකි. ඔහු කීවා  ඇත්තය. පොහොට්ටුවේ පක්‍ෂ  නම පොදු ජන පෙරමුණ වුණාට මිනිස්සු කිවේ පොහොට්ටු පක්ෂය කියලාය.

අලුත් පක්ෂයක් හදලා ඡන්දයකට ගිහින් දින්න එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. 1947 එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කොට ජය ගත්තේය. අලියා පළමු ඡන්දයට ගියේ 1947 දීය. ඉන්පසු බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවත් පළමු මහා මැතිවරණය දින්නේ නැත. විජය එක්සත් සමාජවාදී පෙරමුණ හැදුවත් මහජන පක්ෂය හැදුවත් පළමු වරට ගිය ඡන්දයම පරාජය විය. ලලිත් සහ ගාමිණී රාජාලිය පක්ෂය හදල ගිය පළමු ඡන්දය 1993 පළාත් සභා ඡන්දයය.පළාත් සභා ඡන්දයේදී රාජාලියාට එකදු පළාත් සභාවක්වත්  දිනා ගත නොහැකි විය.

එහෙත් පොහොට්ටුව එසේ නොවේ. පොහොට්ටුව ආරම්භ කොට මුහුණ දුන් පළමු පුංචි ඡන්දයේදී පොහොට්ටුව දින්නේ ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ පළමු වරට ආණ්ඩු පක්ෂයක් පුංචි ඡන්දයකින් පරාජය කරමිනි. ලංකාවේ  මැතිවරණ ඉතිහාසයේ ආණ්ඩු පක්ෂයක් පුංචි ඡන්දයකින් එලෙස පරාජය වී නැත. ඒ වික්‍රමය කළේ පොහොට්ටුවය. එම ජයග්‍රහණයත් සමග පොහොට්ටුව පිපී ආවේ මුළු ලංකාවටමය. පොහොට්ටුව දිනපු ප්‍රදේශ ලංකා සිතියමේ පාටින් සටහන් කොට මහින්දවාදී මාධ්‍ය පෙන්වුයේ රටම පොහොට්ටුවට කියාය. ඉන්පසු පොහොට්ටුවට සල්ලි දෙන්න ව්‍යාපාරිකයෝ පෝලිමේ එන්න පටන් ගත්හ. පුදුමයකට මෙන් මුස්ලීම් ව්‍යාපාරිකයෝ ද ඒ අතර වුහ.

පොහොට්ටුවේ සාමාජිකත්වය ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෛත්‍රීවාදීන් පෝලිමේ එන්න පටන් ගනිද්දී ඔවුන්ව පොහොට්ටුවට වැද්ද නොගන්නා මෙන් පොහොට්ටු  මන්ත්‍රීවරු ප්‍රසිද්ධ ප්‍රකාශ කළහ. මෛත්‍රීගෙන්  වෙන් වී ආ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීන් 16 දෙනාටද පොහොට්ටු සාමාජිකත්වය දිය නොහැකියැයි පොහොට්ටුවාදීහු කෑ ගැසුහ.පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම ආඩම්බරයක් සේ රටට පෙනුණි. පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් උපායශීලි ලෙස ඒ පොහොට්ටු මතය ජනගත කළේය.

"ඊළග  ඡන්දයෙන් පොහොට්ටුව දිනන්නේ ලෙන්ත්  තියලා.." යූ.ඇන්.පී. කාරයෝ පවා කිවේ එහෙමය. "පොහොට්ටුව කියන්නේ මහින්ද මහත්තයා ජනාධිපතිවරණයේදී පොල් පිත්තක් දැම්මත් දිනයි.." මිනිස්සු ඡන්දය දෙන්නේ අපේක්ෂකයාට නොවෙයි පොහොට්ටු  ලකුණට.." මහින්දවාදීන් කිවේ එහෙමය.

පොහොට්ටුව ඒ රැල්ල හැදුවේ රනිල්ට පමණක් නොව මෛත්‍රීටත්  ගහලාය. රනිල්ටයි-මෛත්‍රීටයි එකට තියලා ගහලාය. පොහොට්ටු රැලිවල "ආප්පයා" කියා මෛත්‍රීට සමච්චල් කරන විට "හුරේ " ආවේ  පොලව දෙදරවමින්ය. "ආයෙමත් ආප්ප කන්නේ නැහැ, පින් අගමැතිකම් එපා" යැයි මහින්ද කියද්දී මහින්දවාදීහු  ඒ කාලයේ ගාමිණී ෆොන්සේකාගේ පිචර් එකක සටන් ජවනිකාවක් බලනවා වගේ විසිල් ගැසූහ.

හැබැයි හිටි හැටියේම මහින්ද පස්ස දොරෙන් ගිහින් මෛත්‍රීගෙන්  අගමැති ධූරය  ලබා ගත්  දවසේ පොහොට්ටුවාදින් උස්සල පොළවේ ගැහුවා මෙන් බිම ඇද ගෙන වැටිණි. අගමැති ධූරය  භාර ගෙන පසු දිනම මහින්ද පොහොට්ටු කාර්යාලයට ගොස් පොහොට්ටු සාමාජිකත්වය ගත්තේ වැටුණු පොහොට්ටුකාරයන් නැගිටුවා ඡන්දයට යන්නටය.

අගමැති ධූරය අර ගෙන මහින්ද, පොහොට්ටු කාර්යාලයට ගොස් මෛත්‍රීට කොකා පෙන්විය. හැබැයි පාර්ලිමේන්තුව විසුරුවාලීමේ ජනාධිපති ගැසට්ටුව අධිකරණය අහෝසි කිරීමත් සමග පස්ස දොරෙන් අගමැති වුණ මහින්ද ඉස්සරහා දොරෙන් "කාල්ටන්" බලා ගියේය.

අගමැති ධුරය අහිමිවීමේ වේදනාවෙන් සිටි මහින්දට අගමැති ලණුව  දුන් කේවට්ටයෝම විපක්ෂ නායක ලණුවත් දුන්නහ. මහින්ද ඉන් පසු විපක්ෂ නායක ධූරය පිටු පස දුවන්න පටන් ගත්තේය. විපක්ෂ නායක ධූරය  ගත්ත නම් පොහොට්ටු සාමාජිකත්වය අත් හැරිය යුතු බව මහින්ද නොදැන සිටියා නොවේ.

ඊළග  මහා ඡන්දයට හෝ පළාත්  සභා ඡන්දයට තරග කරන්න එක්සත් ජනතා නිදහස් සන්ධානය පොහොට්ටුව යටතට එන්න ඕනෑය යන ස්ථාවරයේ බැසිල් සහ පොහොට්ටුවාදීන් සිටියදී, එක්සත් ජනතා නිදහස් සන්ධාන ලේකම්  මහින්ද සන්ධානයේ මන්ත්‍රීවරයෙකු බව දන්වමින් විපක්ෂ නායක ධූරය  මහින්දට දෙන ලෙස දන්වා කතානයකතුමාට ලිපියක් යැව්වේය. මහින්ද එය පිළි ගත්තේය. මහින්ද පොහොට්ටු සාමාජිකත්වය ගත්තේ නැතැයි මහින්දට අගමැති ලණුව සහ විපක්ෂ නායක ලණුව දුන් ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ කියන්න පටන් ගත්හ.

අපි පොහොට්ටු  සාමාජිකත්වය ගත්තේ නැතැයි පොහොට්ටු  සාමාජිකත්වය ගත් මන්ත්‍රීවරුද කියන්න පටන් ගත්හ. ඒකාබද්ධ විපක්ෂයේ පුවත්පත් සාකච්ඡා පිටු පස තිරයේ පිපිල පෙනුණු පොහොට්ටුව කොළවලින් වසා දැමුණි. එක්සත් ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු කිසිවකු පොහොට්ටු සාමාජිකත්වය ගෙන නැතැයි ලේකම් අමරවීර  කතානායකට ලීවේ පොහොට්ටුව ලාදුරු රෝගියකු බවට පත්කරමිනි.

අපි පොහොට්ටුවේ යැයි ආඩම්බරයෙන් කී අයම අපි පොහොට්ටුවේ නැතැයි කියන්න පටන් ගත්තේ පොහොට්ටුව අන්ත අසරණ කරමිනි. මේ පුංචි ඡන්දය දින්නදා අතුරු සිදුරු නැතිව සෙනග පිරුණු පොහොට්ටු කාර්යාලය අද මැස්සෝ ඇහිරෙනවා වගේය.

මහින්ද මෛත්‍රීගෙන් අගමැති ධූරය ගතහොත් තමන් පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට ගසේ එල්ලිලා මැරෙනවා යැයි රංජිත් සොයිසා වරක් කිවේය. "අද ඒ ගහේ  එල්ලිලා ඉන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද..? ඒකට උත්තරය තියෙන්නේ බැසිල්ගේ අතෙහිය.

පොහොට්ටුව ඉවරද..?

-ගුරුදා විග්‍රහය-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න