අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොහොට්ටුවේ ප්‍රාදේශීය නායකයින් බුරුතු පිටින් සජබයට

පොහොට්ටුවේ ප්‍රාදේශීය නායකයින් බුරුතු පිටින් සජබයට

බදුල්ල දිස්ත්‍රික්කයේ, ඌව පරණගම සහ ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ස්වාධීන මන්ත්‍රීවරුන් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය…

බදුල්ල දිස්ත්‍රික්කයේ, ඌව පරණගම සහ ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ස්වාධීන මන්ත්‍රීවරුන් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක් වූහ. 

ඒ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක නිමල් රංජිත් වීරසිංහ, මන්ත්‍රීවරුන් වන සමන්ත කපිල රත්නායක, හේමාවතී කුමාරිහාමි සහ භාරත රණසිංහ යන මහත්ම මහත්මීහූ වෙති.

එසේ ම ඇල්ල ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වන පී. සුරේෂ්, ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආර්. ඩී. ගුණපාල, මන්ත්‍රී ඩී. එම්. කරුණාදාස සහ විශ්‍රාමික සාමාන්‍යාධිකාරවයකු වූ ඩී. අයි. රත්නපාල යන මහත්වරු ද ඒ අතර සිටිති. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න