අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායක ධූරයක් ආරියවංශ ශම්මු මහතාට

පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායක ධූරයක් ආරියවංශ ශම්මු මහතාට

(ජයකාන්ත ලියනගේ - බළපිටිය) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බළපිටිය ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට ගාල්ල දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රී මන්ත්‍රී ආරියවංශ ශම්මු මහතා පත්කර තිබේ. රත්ගම ආසනයේ පදිංචිකරුවෙක්…

(ජයකාන්ත ලියනගේ  -  බළපිටිය)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බළපිටිය ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට ගාල්ල දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රී මන්ත්‍රී ආරියවංශ ශම්මු මහතා පත්කර තිබේ. රත්ගම ආසනයේ පදිංචිකරුවෙක් වන ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය මොහාන් පී ද සිල්වා මහතාගේ අතිශ්‍යය කිට්ටුවන්ත අනුගාමිකයාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බළපිටිය ආසනයේ සම සංවිධායක ධූරයට හිටපු පළාත් සභා මන්ත්‍රී සහ හිටපු බළපිටිය ආසනයේ ප්‍රධාන සංවිධායක චන්න ශ්‍රී සාලිය මෙන්ඩිස් මහතා පත්කර තිබේ. රුහුණු ජනතා පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කල ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බළපිටිය ආසනයේ ප්‍රධානීයා ලෙස කටයුතු කර තිබේ. ආරියවංශ ශම්මු මහතා, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් නායක මොහාන් පී ද සිල්වා මහතා යටතේ රත්ගම සම සංවිධායක ලෙස පත් නොකළේ ඇයිද යන්න බළපිටියේ පොදු ජන පෙරමුණේ පාක්ෂිකයින් විමසන බවද බළපිටියේ පොදුජන පෙරමුණට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

චන්න සාලිය මෙන්ඩිස් මහතා වෙනත් අයෙක් යටතේ සම සංවිධායක ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි කල කිරීමෙන් සිටින බවද දැන ගන්නට තිබේ. ඒ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බළපිටිය ආසනයේ සංවිධායක ධුරය පිරිණැමීමට කරන ලද ආරාධනාවක් සම්බන්ධයෙන්ද කසුකුසුවක් මේ දින වල බළපිටියේ පැතිර යයි.

දැන්වීම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (09) මෙම පත්වීම් ලිපි ප්‍රදානය කර තිබේ. එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම්, ගාල්ල දිස්ත්‍රික් නායක හිටපු රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.
 

පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායක ධූරයක් ආරියවංශ ශම්මු මහතාට

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න