පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා..?

(සුජිත් මංගල ද සිල්වා) ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. මේ යෝජනාව…
(සුජිත් මංගල ද සිල්වා)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
මේ යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ඔහුගේ නිල නිවසේදී අද (16) උදේ පැවතී ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමේදීය.
දැන්වීම
වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කලය අවුරුදු පහකට සීමා වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත් සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉදිරි දේශපාලන උපාය උපක්‍රම සහ සැලසුම් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා මේ විශේෂ රැස්වීම කැඳවා තිබිණ.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණ.
කෙස් නමුත් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන සහ වාසු දේව නානායක්කාර යන මහත්වරුන් මේ යෝජනාව සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොදක්වා නිහඬව සිටීම විශේෂයෙන් කැපී පෙනුණු සිද්ධියක් වී ඇත.
මේ කාරණය සම්බන්ධයෙන් විවිධ අදහස් සහ යෝජනා මත දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණත් මේ පිළිබඳව සිය රාජපක්ෂ පවුලේ නිල ස්ථාවරය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රවේශම් වීම ද විශේෂ සිද්ධියක් විය.