අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ධම්මික..අගමැති අපේක්ෂකයා නාමල්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ධම්මික..අගමැති අපේක්ෂකයා නාමල්

ධම්මික පෙරේරා ජනපතිවරණ ප්‍රචාරක කටයුතු දැනටමත් ආරම්භ කරලා උදයංග වීරතුංග කියයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද, අගමැති අපේක්ෂකයා ලෙස නාමල්…

ධම්මික පෙරේරා ජනපතිවරණ ප්‍රචාරක කටයුතු දැනටමත් ආරම්භ කරලා 

උදයංග වීරතුංග කියයි 

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ධම්මික..අගමැති අපේක්ෂකයා නාමල්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද, අගමැති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ද නියත ලෙසම ඉදිරිපත් කෙරෙනු ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අවධාරණය කර සිටියි. 

ඒ අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොකරන බව ද කියා සිටින උදයංග වීරතුංග මහතා මේ සම්බන්ධ නිල ප්‍රකාශය 2024 ජූලි මස දෙවැනි සතියේ දී නිකුත් කෙරෙනු ඇති බව ද සඳහන් කරයි.

දැන්වීම

බිම් මට්ටමේ පාක්ෂිකයින්ගෙන් කෙරෙන ඉල්ලීම් සහ බලපෑම් අනුව ජනාධිපති අපේක්ෂකයා ලෙස සිය සාමාජිකයකු නම් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ අභ්‍යන්තරය මේ වන විටත් පැහැදිලි තීරණයක් ගෙන ඇතැයි ද උදයංග වීරතුංග මහතා පවසයි. 

මේ අතර දේශපාලන ආරංචි මාර්ග කියා සිටින්නේ, සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සිය ජනපතිවරණ ප්‍රචාරක කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවය.

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ධම්මික..අගමැති අපේක්ෂකයා නාමල්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න