අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොහොට්ටුවේ අම්පාර ප්‍රබලයා සජබයට එක් වෙයි

පොහොට්ටුවේ අම්පාර ප්‍රබලයා සජබයට එක් වෙයි

සජිත් දිනවන්න මන්ත්‍රී තිලක් රාජපක්ෂ තීන්දු කරයි ශ්‍රීලනිපයේ ප්‍රබලයෙකු වන තිස්ස කරලියද්දත් සජබයට අම්පාර දිස්ත්‍රික්කයේ, පදියතලාව ආසනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ප්‍රධාන සංවිධායක සහ අම්පාර…

සජිත් දිනවන්න මන්ත්‍රී තිලක් රාජපක්ෂ තීන්දු කරයි 

ශ්‍රීලනිපයේ ප්‍රබලයෙකු වන තිස්ස කරලියද්දත් සජබයට 

පොහොට්ටුවේ අම්පාර ප්‍රබලයා සජබයට එක් වෙයි

අම්පාර දිස්ත්‍රික්කයේ, පදියතලාව ආසනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ප්‍රධාන සංවිධායක සහ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් සමගි ජන බලවේගය සමග එක් විය. 

1971 මැයි මස 02 වැනිදා මෙළොව උපත ලැබූ වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා සිය උසස් අධ්‍යාපනයෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ සේවය කර ඇත.

වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා අඹගහවැල්ල ප්‍රාදේශීය රෝහලේ සහ අම්පාර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධානියා සේම අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ලෙස ද සේවය කර තිබේ.

දැන්වීම

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මැදවච්චිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක සහ හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග එක් විය. 

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි තිස්ස කරලියද්ද මහතා ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා සේම දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇත. 

සමගි ජන බලවේගය සමග එක්වූ තිස්ස කරලියද්ද මහතා මැදවච්චිය ආසනයේ සමගි ජන බලවේගයේ සම සංවිධායකවරයා ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පොහොට්ටුවේ අම්පාර ප්‍රබලයා සජබයට එක් වෙයි | Lanka Newsweek