පොහොට්ටුවේ අනුරපුර මන්ත්‍රීත් සජබයට

ශ්‍රීලනිපයේ ප්‍රබලයෙකු වන ලයනල් ප්‍රේමසිරිත් විපක්ෂ නායකට එක් වෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා ස්විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
ශ්‍රීලනිපයේ ප්‍රබලයෙකු වන ලයනල් ප්‍රේමසිරිත් විපක්ෂ නායකට එක් වෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා ස්විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමහ එක් විය.
ඊට අමතරව හිටපු ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය අමාත්‍ය සහ හිටපු ගාලු නගරාධිපති ලයනල් ප්‍රේමසිරි මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක් විය.
දැන්වීම
ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ලයනල් ප්‍රේමසිරි මහතා වෘත්තියෙන් නීතීඥවරයකු වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ගාල්ල නගරාධිපතිවරයා ලෙස පත් විය. අනතුරුව එක්සත් ජාතික පක්ෂයට එක් වූ ඒ මහතා නැවතත් ගාලු දිස්ත්‍රික් නගරාධිපතිවරයා ලෙස තේරී පත් විය.
ලයනල් ප්‍රේමසිරි මහතා 2004 වසරේ දී එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර දේශපාලන මත ගැටුම් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සිට එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වී 2007-2010 කාලයේ සමාජ සේවා සහ සමාජ සුබ සාධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඊට අමතරව ඒ මහතා කැනඩාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කර ඇත.