අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොහොට්ටුවෙන් ආපු අයත් රනිල්ට නැතිවෙන ලකුණු

පොහොට්ටුවෙන් ආපු අයත් රනිල්ට නැතිවෙන ලකුණු

අද ආණ්ඩුවේ නූල් ටික තියෙන්නේ බැසිල් අතේ..! රනිල් කියන්නේ බැසිල් නටවන රූකඩයක් විතරයි..! එදා සජිත් තනතුරු නොගත්ත හේතුව දැන් පේනවා නේද...? ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට පැමිණි…

අද ආණ්ඩුවේ නූල් ටික තියෙන්නේ බැසිල් අතේ..! 

රනිල් කියන්නේ බැසිල් නටවන රූකඩයක් විතරයි..!

එදා සජිත් තනතුරු නොගත්ත හේතුව දැන් පේනවා නේද...?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට පැමිණි පොහොට්ටුවේ මැතිඇමැතිවරු හත් දෙනෙක්සැප්තැම්බර් [2]වැනිදා රාත්‍රියේදී ‌පොහොට්ටුවේ මහමොළකරු වශයෙන් සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

කොළඹ එක්තරා විශේෂ තැනක පැවැත්වී ඇති මෙම සාකච්ඡාවේදී මෙම පොහොට්ටු මැති ඇමැතිවරුන් හත් දෙනා ආණ්ඩුව ඇතුළෙ මතුව ඇති අර්බූද පිළිබදවත්, යළිත් පොහොට්ටුව සමග එක්වී දේශපාලනය සිදුකිරීම පිළිබදවත් දීර්ඝව සාකච්ඡා කොට ඇති බව දැනගන්නට තිබේ.


ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මෙම පිරිස යළි පොහොට්ටුව සමග එක්වීමට දෙපාර්ශවය අතර එකගතාවක් ඇතිවී තිබෙන බවද වාර්තා වේ.

මෙම තත්ත්වය යටතේ ඉදිරියේදී පොහොට්ටුවෙන් ආණ්ඩුවට එක්වූ තවත් පිරිසක් යළි පොහොට්ටුවට එක්වීමේ ලකුණු ‌පහළ කොට ඇති බවක්ද දැනගන්නට ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න