අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොහොට්ටුවයි-මාධ්‍යයයි ගණන් “ෆේල්”..!

පොහොට්ටුවයි-මාධ්‍යයයි ගණන් “ෆේල්”..!

ලක්ෂ 76 ට වඩා ලක්ෂ 49 සංඛ්‍යාත්මකව ලොකු ද..? ජනපතිවරණය දිනන්න පොහොට්ටුවට ඡන්ද වදන්න වෙයි..! මාධ්‍ය දකින හීනය හැබෑ වෙන්නේ නැහැ..! පවුල් වාදී ගජ මිතුරු ආදි ශිෂ්‍යයින්ට රට ගොඩනගන්න බැහැ..! (සුජිත් මංගල…

ලක්ෂ 76 ට වඩා ලක්ෂ 49 සංඛ්‍යාත්මකව ලොකු ද..?

ජනපතිවරණය දිනන්න පොහොට්ටුවට ඡන්ද වදන්න වෙයි..!

මාධ්‍ය දකින හීනය හැබෑ වෙන්නේ නැහැ..!

පවුල් වාදී ගජ මිතුරු ආදි ශිෂ්‍යයින්ට රට ගොඩනගන්න බැහැ..!

පොහොට්ටුවයි-මාධ්‍යයයි ගණන් “ෆේල්”..!

(සුජිත් මංගල ද සිල්වා)

ඡන්ද ලක්ෂ 49ක් පමණක් තිබෙන “පොහොට්ටුව” යහ පාලන කඳවුරේ ඡන්ද ලක්ෂ 76 ඉස්සර කරමින්  ජනාධිපතිවරණය ජය ගන්නේ කෙසේ දැයි ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රශ්න කර සිටියි.

කුණු වූ පවුල් වාදීන්ට හෝ ලොකු ලොකු “කොලේජි”වල ආදී ශිෂ්‍ය සංගම්වල ගජ මිතුරන්ට රටේ ආර්ථිකය ගොඩනගනවා කියා හිතන්නවත් නොහැකි යැයි ද ඔහු අවධාරණය කරයි.

විපක්ෂය වගේම යහ පාලන ආණ්ඩුවේ ක්‍රියා කලාපයට ද නිර්දය ලෙස පහර දෙමින් පාඨලී චම්පික රණවක මහතා මේ අදහස් පළ කර ඇත්තේ “රිවිර” ඉරිදා සංග්‍රහයට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් දේශපාලන කරළිය ගිනියම් කරමිනි.

ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක ජයතුංග මහතා මෙහෙයවූ එම සම්මුඛ සාකච්ඡාව 2018.07.15 වැනිදා “රිවිර” ඉරිදා සංග්‍රහයේ සම්පූර්ණයෙන් පළ වනු ඇති අතර එහිදී පාඨලී චම්පික රණවක මහතා මතු කර ඇති කරුණු සමහරක් මෙසේය.

"හොරකම් සහ මැරකම් ඇතුළු අපරාධවලින් යුතු ඒකාධිපති මහින්ද රාජපක්ෂ කඳවුරට කවදාවත් මේ රටේ බලය යළි ගන්න ජනතාව ඉඩ නොතබනවා පමණක් නොව කිනම් අයුරකින් ගණන් හැදුවත් කවුරුන් කෙසේ තර්ක කළත් යථාර්තය නම් ඒ කණ්ඩායමට ජනාධිපතිවරණය දිනන්න කියා ඒ ගැන හිතන්නවත් බැහැ.

ඒ බව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් මානව පැහැදිළි වූ නමුත්  අප ඒ මැතිවරණ ප්‍රතිඵලය ගැන ජනතාවගේ මතය පැත්තෙන් කළ විග්‍රහයන් කිසිවක් මේ රටේ පිළිගත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය පළ නොකළ අතර ඒ වෙනුවට ඒ අය උදේ සිට රැ වන තුරුම ජනතා මතයට ප්‍රතිවිරුද්ධ මතයක් උපක්‍රමිකව සමාජ ගත කරමින් මහින්ද රාජපක්ෂ කණ්ඩායම මේ දැන් බලය අල්ලනු ඇති බවයි.

ගෙවුණු අවුරුදු 3 ½ ඇතුළතදීම මේ රටේ මුද්‍රිත මාධ්‍ය උදේටත් විද්‍යුත් මාධ්‍ය රෑටත් කියන කතා අනුව ජනතා සිතුවේ පසුදා එළි වන විට නම් මහින්ද රාජපක්ෂ පාලනයක් රටේ ස්ථාපිත වී තිබෙනු ඇතැයි කියයි.

නමුත් ජනතාවගේ ප්‍රාර්ථනාව නිසාම කවදාවත් එළි වන විට එවැන්නක් මේ රටේ සිදු නොවූ අතර එවැන්නක් සිදු වීමට අප ඉඩ තැබුවේ ද නැහැ.ඒ අනුව අපට කියන්න තිබෙන්නේ 2020 ජනාධිපතිවරණ ප්‍රතිඵල එන විටත් මේ රටේ ඒ ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය හැමදාම දුටූ ඒ සිහිනය සිහිනයක්ම වී තිබෙනු ඇති බවයි.

පළාත් පාලන මැතිවරණයකදී වගේ නොව තීරණාත්මක ජනාධිපතිවරණයකදී විශාල ඡන්ද සංඛ්‍යාවක් පාවිච්චි වන අතර ඉහළම ඡන්ද ප්‍රතිශතයක් ද වාර්තා වන බව කවුරුත් දන්නවා.

පළාත් පාලන මැතිවරණයේදී එකසිය විසි පන් ලක්ෂයක ජනකායක් ඡන්දය පාවිච්චි කළ අතර එහිදී ඔක්කොම තුරුම්පු ගසා  සියලු සෙල්ලම් දැම්ම මහින්ද රාජපක්ෂ කඳවුරට සිය සිංහල බෞද්ධ ඡන්ද පදනමේ ද උපරිම තලයට ගොස් ලබා ගත හැකි වූයේ ඡන්ද ලක්ෂ 49යි. ඉතිරි ඡන්ද හැත්තෑ හය ලක්ෂයම තිබෙන්නේ 2015 ජනවාරි 08 විප්ලවය කළ අපේ කඳවුර සතුව බව කවුරුත් මතක තබා ගත යුතුයි.

මේ තත්ත්වය හමුවේ 2020 ජනාධිපතිවරනයේදී පළාත් පාලන ඡන්දයටත් වඩා විශාල ඡන්ද ප්‍රමාණයක් පාවිච්චි වන සහ ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වන විට දිනන අපේක්ෂකයා අවම වශයෙන් ඡන්ද ලක්ෂ 65ක් ලබා ගත යුතුයි. සිය සිංහල බෞද්ධ ඡන්ද පදනමේත් කෙළවරටම ගොස් පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 49ක් පමණක් ලබා ගත් මහින්ද රාජපක්ෂ කඳවුරට ජනාධිපතිවරණය දිනීමට නම් තව ඡන්ද ලක්ෂ 16ක් සොයා ගත යුතයි.

නමුත් මේ මොහොත වන විටත් අපේ කඳවුර සතුව ඡන්ද ලක්ෂ 76ක් තිබෙන අතර ජනාධිපතිවරණය වගේ තීරණාත්මක සටනකදී ඒ සංඛ්‍යාව තවත් ඉහළ යනවා විනා අඩු නොවන බව අප කවුරුත් දන්නවා.එහෙම වුණාම මහින්ද රාජපක්ෂ කඳවුරට ඒ අයට වශය ඡන්ද ලක්ෂ 16 සොයා ගන්න  සිදු වෙන්නේ අලුතින් ඡන්ද මවලා හෝ වදාලා තමයි.

ඒ වගේම ආර්ථිකය ගැන කතා කරන විට සංවෘත සහ විවෘත යන ආර්ථික ක්‍රම දෙකම අසාර්ථක වී තිබෙන අතර මේ රට යළි ගොඩනැගිය හැක්කේ වෘතියවේදීත්වය මත පදනම් වූ නවෝත්පාදක ආර්ථික ක්‍රමවේදයකින් පමණක් බව කිව යුතයි. ඒ සඳහා අලුත් සිතුම් පැතුම් සහ සංකල්ප ඇතිව අලුතින් සිතා අලුත් ආකාරයකට වැඩ කරන මිනිස්සු අපට අවශ්‍ය වනවා.කුණු වූ පවුල් වාදීන්ට හෝ ලොකු ලොකු “කොලේජි”වල ආදී ශිෂ්‍ය සංගම්වල ගජ මිතුරන්ට මේ ඉල්ලක්ක ජය ගන්න කියා හිතන්නවත් බැහැ"

පොහොට්ටුවයි-මාධ්‍යයයි ගණන් “ෆේල්”..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
පොහොට්ටුවයි-මාධ්‍යයයි ගණන් “ෆේල්”..! | Lanka Newsweek