අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොහොට්ටුවයි-අලියයි-අතයි තරඟෙට සල්ලි විසි කරයි..!

පොහොට්ටුවයි-අලියයි-අතයි තරඟෙට සල්ලි විසි කරයි..!

ඒක මන්ත්‍රීවරයෙකුගේ වටිනාකම කෝටි 40ත් 50ත් දක්වා නැගලා..! (සුජිත් මංගල ද සිල්වා) සිය පාර්ලිමේන්තු බහුතරය තහුරුකර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස්…

ඒක මන්ත්‍රීවරයෙකුගේ වටිනාකම කෝටි 40ත් 50ත් දක්වා නැගලා..!

පොහොට්ටුවයි-අලියයි-අතයි තරඟෙට සල්ලි විසි කරයි..!

(සුජිත් මංගල ද සිල්වා)

සිය පාර්ලිමේන්තු බහුතරය තහුරුකර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි ගණන් ලන්සු තබමින් සිටින බව lankanewsweek වෙත තහුරු කරනු ලැබූ ආරංචි මාර්ග සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතාට පාර්ලිමේන්තුවේදී සහය පළ කරමින් ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රුපියල් කෝටි 40ත් 50ත් අතර මුදලක් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek"සමග පැවසීය.

ඒ තරම් මුදලක් එක් මන්ත්‍රීවරයෙකුට ලබාදීමට නොහැකි බව පවසා ඇති බැසිල් රාජපක්ෂ මහතා එම වැඩ පිළිවෙළ සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති අතර රටත් ජනතාවත් ගැන සිතා කිනම් හෝ මන්ත්‍රීවරයෙකු එනවා නම් ඔහුට සාධාරණ මුදලක් ලබා දිය හැකි බව ද අවධාරණය කර තිබේ.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයෙකු මාර්ගයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් රුපියල් කෝටි 10ක් දෙන්නම් කියා එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට ආරාධනා කර ඇතත් ඔහු එම ආරාධනය ප්‍රතික්ෂේප කර ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය සහය පළ නොකරන බවට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද සහතික වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සුළු දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් මුදලට බිලී බා ගැනීමේ මෙහෙයුමක් එක්සත් ජාතික පක්ෂය ද ආරම්භ කර තිබෙන අතර එහි ගණන් හිලව් කතා කරමින් මන්ත්‍රීවරුන්ට මුදලින් ලංසු තබන්නේ මලික් සමරවික්‍රම මහතාය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න