“පොහොට්ටුව”කොන්දේසි විරහිතව “අතට” සහය දෙයි

(සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය තනි ආණ්ඩුවක් පිහිටු වන්නේ නම් ඊට කොන්දේසි විරහිතව සහය ලබාදීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මීට සුළු මොහොතකට පෙර නිල…
(සුජිත් මංගල ද සිල්වා)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය තනි ආණ්ඩුවක් පිහිටු වන්නේ නම් ඊට කොන්දේසි විරහිතව සහය ලබාදීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් තීන්දු කළේය.
කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ඒ වෙනුවෙන් කිසිදු ලිඛිත ගිවිසුමකට නොයා යුතු බවට තීන්දු කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, අලුත් ආණ්ඩුවේ ඇමති ධූර ලබා නොගත යුතු බව ද අවධාරණය කළේය.
දැන්වීම
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ තීන්දුව ගනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ඔහුගේ නිල නිවසේ දී රැස් වූ අවස්ථාවේදීය.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා තනි ආණ්ඩුවක් ගොඩනැගීමේ වගකීම සහ කාර්ය භාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත මේ වන විට පැවරී තිබෙන බව ද එහිදී අවධාරණය කෙරිණ.