අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“පොලීසිය දෙනවා නම් ඇඟිලි ගසනු බැහැ...”

“පොලීසිය දෙනවා නම් ඇඟිලි ගසනු බැහැ...”

(සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර විශේෂ හමුවක් ජනාධිපති නිල නිවසේදී පෙරේදා (28) සිදුව තිබේ. එහිදී ජනාධිපතිවරයා සහ ෆීල්ඩ් මාර්ෂල්වරයා…

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර විශේෂ හමුවක් ජනාධිපති නිල නිවසේදී පෙරේදා (28) සිදුව තිබේ. එහිදී ජනාධිපතිවරයා සහ ෆීල්ඩ් මාර්ෂල්වරයා  නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය පිළිබඳවත් රටේ උද්ගත වී තිබෙන දේශපාලන වාතාවරණය පිළිබඳවත් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර ඇත. නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය තමාට ලබා දෙනවා නම් කිසිදු පාර්ශවයකට ඊට ඇඟිලි ගැසීමට නොහැකි වන අයුරින් ලබා දෙන්න යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා තිබෙන සරත් ෆොන්සේකා මහතා සියලු කටයුතු නීතියට අනුව රහස් දේශපාලන ගනු දෙනුවලින් තොරව සාධාරණව සහ අපක්ෂපාතී ලෙස සිදු කරමින් රජයට එල්ල වී තිබෙන චෝදනා සියල්ල ආපසු හැරවීමට තමා ඇපකැප වන බව ද සඳහන් කර තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
“පොලීසිය දෙනවා නම් ඇඟිලි ගසනු බැහැ...” | Lanka Newsweek