“පොලීසිය අල්ලස් ඉල්ලුවෙත් නැහැ-මම අල්ලස් දුන්නෙත් නැහැ”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

"සී.අයි.ඩී. එකට නාම ලේඛන දුන් කතා බොරු" (තිලාන් සමරවික්‍රම) තමාගෙන් අල්ලස් ලබා ගත් බවට චෝදනා කරමින් පොලිස් නිළධාරීන්ගේ නම් ඇතුළත් කිසිදු නාම ලේඛනයක් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කිසිදු…
"සී.අයි.ඩී. එකට නාම ලේඛන දුන් කතා බොරු"
(තිලාන් සමරවික්‍රම)
තමාගෙන් අල්ලස් ලබා ගත් බවට චෝදනා කරමින් පොලිස් නිළධාරීන්ගේ නම් ඇතුළත් කිසිදු නාම ලේඛනයක් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කිසිදු විමර්ශන කණ්ඩායමක් වෙත භාර දී නැතැයි “ඇවන්ගාර්ඩ්” පෞද්ගලික ආරක්ෂක සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.
එවැනි නම් ලැයිස්තුවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඇතුළු පරීක්ෂණ කණ්ඩායම් වෙත තමාට ලබා දිය හැක්කේ පොලිස් නිලධාරීන් තමාගෙන් අල්ලස් ලබා ගත්තේ නම් පමණක් බව පෙන්වා දුන් මේජර් නිශ්ශංක සේනාධිපති මහතා කිසිදු පොලිස් නිලධාරියකු තමාගෙන් අල්ලස් ඉල්ලා සිටියේවත් කිසිදු පොලිස් නිලධාරියකුට තමා අල්ලස් ලබා දුන්නේවත් නැතැයි ද පැවසීය.
ඔහු මේ බව පැවසුවේ තමාගෙන් අල්ලස් ලබා ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් තුන් සියයකගේ නම් ඇතුළත් ලේඛනයක් නිශ්ශංක සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂණ කණ්ඩායම් වෙත ලබා දී ඇති බවට ඇතැම් මුද්‍රිත මාධ්‍යවල පළ වී ඇති කරුණු සම්බන්ධයෙන් “lankanewsweek” කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
තමාගේ පියා ද පොලිස් නිලධාරියකු ලෙස සේවය කර ඇති නිසා පොලිස් නිලධාරීන් සහ ඒ අය සිය රාජකාරිය වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කරන අයුරු තමා හොඳින් දන්නා බව පෙන්වා දුන් නිශ්ශංක සේනාධිපති මහතා එසේ තිබියදී අසත්‍ය ප්‍රචාර පතුරුවමින් එම පොලිස් නිලධාරීන් අපහසුතාවයට,අගෞරවයට සහ ප්‍රශ්නවලට පත් කිරීම තරයේ හෙළා දකින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
