අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොලීසියේ නිවාඩු අවලංගු කෙරේ..!

අම්පාර සිද්ධිය ගැන පුළුල් ප්‍රරීක්ෂණයක් ඇරඹේ

(නිලන්ති මානෙල්) වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා සියලුම පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ උපදෙස් මත පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබේ. රටේ උද්ගත…

(නිලන්ති මානෙල්)

වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා  සියලුම පොලිස් ස්ථානවල පොලිස්  නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ උපදෙස් මත  පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබේ.

රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ මේ පියවර ගත බව පෙන්වා දෙන පොලිස් මුලස්ථානය රට පුරා සියලු පොලිස් නිලධාරීන් සීරුවෙන් තබා ඇතැයි ද නිවේදනය කර සිටියි.

මහනුවර සහ අම්පාරේ ඇතිවූ සිද්ධීන් සමග රටේ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය සමනය වන තුරු සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය ක්‍රියාත්මක වනු ඇති බව ද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පොලීසියේ නිවාඩු අවලංගු කෙරේ..! | Lanka Newsweek