අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොලීසියේ නිවාඩු අවලංගුයි

පොලීසියේ නිවාඩු අවලංගුයි

ආපදා තත්ත්වයට මුහුණ දීමට සියලු දෙනා සීරුවෙන් (සුජිත් මංගල ද සිල්වා) අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා විශේෂ රාජකාවල යෙදවිය යුතුවන නිසාවෙන් දිවයිනේ සියලුම පොලිස්…

ආපදා තත්ත්වයට මුහුණ දීමට සියලු දෙනා සීරුවෙන්

(සුජිත් මංගල ද සිල්වා)

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා විශේෂ රාජකාවල යෙදවිය යුතුවන නිසාවෙන් දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කරන ලෙස නීතිය සහ  සාමය පිළිබඳ  අමාත්‍ය සාගල රත්නායක මහතා වැඩ බලන පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න මහතාට නියෝග කර ඇත.

එසේම ආපදාවට ලක්වූ ජනතාවගේ නිවාසවල ඇති බඩු භාණ්ඩ සොරාගැනීම් වැළැක්වීම සඳහා විශේෂ පොලිස් මුර සංචාර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කරනු ලැබීය.

දැන්වීම

පවතින ආපදා තත්ත්ව පිළිබඳ පාර්ලිමේන්තුවේ දී ඊයේ (30)පස්වරුවේ විශේෂ රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ඊට නීතිය සහ  සාමය පිළිබඳ  අමාත්‍ය සාගල රත්නායක ,ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ආපදා කලමනාකරණ අමාත්‍ය  අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මැති ඇමතිවරුන්ද  ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පතිවරයා, ඇතුළු  ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්  සහභාගී වූහ.

ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාවට සහන ලබා දීම සහ ඉදිරි දිනවලදී යළි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් හානි අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග ආදිය පිළිබඳවද එම රැස්වීමේ දී සාකච්ඡා කරනු ලැබිණ.

එසේම ඉදිරියේ දී ඇතිවිය හැකි ගංවතුර තර්ජන අවම කර ගැනීමට ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡා  කෙරුණු අතර මේ වන විට ජල මට්ටම ඉහළ යමින් පවතින නිල්වලා, ගිං, කළු ගඟ ඇතුළු ගංගාවල ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන්වලදී හානි අවම කිරීම වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.

ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම්දීමට ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික ඇමතුම් අංකය විවෘතව ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පොලීසියේ නිවාඩු අවලංගුයි | Lanka Newsweek