පොලිස් භාරයේ සිටි සැකකරු මිය යාමට ජනතා විරෝධය

(හේමන්ත තුසිත කුමාර) කඩුවෙල පොලීසිය විසින් ඉකුත් 17 වනදා අත්අඩංගුවට ගෙන සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියකට විරෝධය පාමින් කඩුවෙල පොලීසිය ඉදිරිපිට දී සිකුරාදා (22) උදෑසන විරෝධතාවක් පැවැත්විණ. කඩුවෙල…
(හේමන්ත තුසිත කුමාර)
කඩුවෙල පොලීසිය විසින් ඉකුත් 17 වනදා අත්අඩංගුවට ගෙන සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියකට විරෝධය පාමින් කඩුවෙල පොලීසිය ඉදිරිපිට දී සිකුරාදා (22) උදෑසන විරෝධතාවක් පැවැත්විණ.
කඩුවෙල වැලිහිඳ ප්‍රදේශයේ පිරිසක් මෙලෙස කඩුවෙල පොලිසිය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වී ඇත.වැලිහිඳ ප්‍රදේශයේදී රන්මාල කැඩීමේ සිද්ධියකට අදාළව 24 හැවිරිදි ලක්ෂාන් මධුශංක නමැති තරුණයෙකු කඩුවෙල පොලීසිය විසින් සැක පිට පසුගිය මාසයේ 17 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි. ප්‍රදේශවාසීන් චෝදනා කරන පරිදි දින 2ක් රඳවාගෙන සිටි අදාළ තරුණයා පහරදීම නිසා දින දෙකකට පසුව කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇත.ඥාතීන් එම මරණය සැක සහිත බව කියයි.