පොලිස් නිලධාරියාට තග දැමූ මාලිමාවේ නීතීඥවරයාට වැඩ වරදියිද..?

ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙක් නීතීඥයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් අදාල සිද්ධියේ නීතීඥවරයකු ගැනත් මේ වන විට විර්මශනයක් ආරම්භ කර ඇති බවට…
ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙක් නීතීඥයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් අදාල සිද්ධියේ නීතීඥවරයකු ගැනත් මේ වන විට විර්මශනයක් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ මෙම සිදුවීමට අදාළ නීතීඥවරයා සමඟ පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු එම සිදුවීමට පාදක වූ පොලිස් නිලධාරියා හට බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරයපෑම සම්බන්දයෙනි.
එම ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ලඟම මිතුරෙකු බවටත් මේ වන විට සමාජ මධ්‍යයේ තොරතුරු සංසරණය වන අතර වීඩියෝ දර්ශන තුල ඔහුගේ එම සම්බන්ධතා අව භාවිතා කරමින් පොලිස් නිලධාරියාගේ රාජකාරියට බලපෑම් කරන ස්වරුපයක් නිරූපනය වන බවටද නීති විද්වතුන් අදහස් පල කර ඇත.
දැන්වීම
නීතීඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා හට ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා විසින් බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරයපෑම නීරීක්ෂණය වන වීඩියෝ දර්ශන ඇතුලත් සී.ඩී තැටියක් ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවටද කරුණු වාර්තා වී ඇත.
සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ භූමියේ සිටි පුද්ගලයින් කීප දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවට තොරතුරු වාර්තා කර ඇත.