අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොලිස් ඇමතිට දුවන්න දුන් චාමරගෙන් ඉල්ලීමක්

පොලිස් ඇමතිට දුවන්න දුන් චාමරගෙන් ඉල්ලීමක්

" ඇමති විජේපාල මහතා ලසන්ත වික්‍රමසේකර නොහොත් ‘ලසා’ගේ ඝාතනය පාතාල ක්‍රියාවක් ලෙස කෙලින්ම හුවා දැක්වූවා.එසේ යටගිය දවස ගැන කතා කරනවා නම්,ඇමති විජේපාලගේ ජීවිත කතාව ගැන ද කතා කරන්නත් පූළුවන්. ආනන්ද…

" ඇමති විජේපාල මහතා ලසන්ත වික්‍රමසේකර නොහොත් ‘ලසා’ගේ ඝාතනය පාතාල ක්‍රියාවක් ලෙස කෙලින්ම හුවා දැක්වූවා.එසේ යටගිය දවස ගැන කතා කරනවා නම්,ඇමති විජේපාලගේ ජීවිත කතාව ගැන ද කතා කරන්නත් පූළුවන්. ආනන්ද විජේපාල මහතා 1988 වසරේදී එස්.අයි. කෙනෙක් විදිහට පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණත් එයාපුහුණුව ලබමින් සිටි කාලයේදී, බුද්ධි වාර්තා සහ CID වාර්තා මත පදනම්ව පොලිසියෙන් නෙරපා හැරලා තියනවා.

ආනන්ද විජේපාල පොලිසියෙන් නෙරපා හැරීමට හේතුව සන්නද්ධ අංශයේ නායකයෙක් හැටියට කටයුතු කිරීමයි.ඔයා “ සන්නද්ධ අංශයේ නායකයෙක් " නැත්නම් ත්‍රස්තවාදියෙක් හැටියට කටයුතු කරලා තමයි ඔබතුමා පොලිසියෙන් නෙරපුවේ.සීඅයිඩී වාර්තාවක් සහ බුද්ධි වාර්තාවක් අනුව පොලිසියෙන් නෙරපා හැරිය කෙනෙක් අද පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන,පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂා කරන පොලිස් ඇමතිවරයා.

රටේ මිනිසුන් මෙම කරුණ නොදැන සිටියද, ගල්ගමුව,අම්බන්පොළ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිනිසුන් සියලු දෙනාම මෙම තොරතුරු දන්නවා "

දැන්වීම

පාර්ලිමේන්තුව මන්ත්‍රී චාමර සම්පත්.

■ රටේ රාළගේ සටහන.

අද ජවිපෙ සිටින අයගෙන් සැලකිය යූතු පිරිසක් 88/89 ට සම්බන්ධ අය.

මේ ලියන රටේ රාළත් 89/89 සම්බන්ධයි.

චාමරගේ භාෂාවෙන් නම් අපිත් ත්‍රස්තවාදියෝ.

හැබැයි ඒ අරගලයේ අරමුණ අපි දන්න නිසා ඒ චෝදනාව ලොකුවට රටේ රාළට දැනෙන්නේ නෑ.

එදා ජවිපෙ සන්නද්ධ ව්‍යාපාරය ඇතුලෙත් ඒ වැඩේට අවංකව හිටපු අය හිටියා.

ගොඩක් අය මැරුණා.

යාන්තම් ජීවිත බේරගත්ත පිරිසක් තවම ඉන්නවා.

හැබැයි ඒ අය අති බහූතරය ජවිපෙත් එක්ක නෑ.

අද ඉන්න අයගෙන් ලාල් කාන්ත හැර අනිත් සියලු දෙනා ජීවිතය වෙනුවෙන් අනිත් අය පාවලා දුන්න පුස්සෝ.

අත් දෙක උස්හලා යටත් වුන අය.

සටන අතෑරලා පැනලා ගිහින් සිවුරු දාගත්ත අය.

තමන්ගේ නම සහ සම්භවය වෙනස් කරපු අය.

බිල්ලට ගිය අය.

කඳවුරු ඇතුලේ පාවාදුන්න අය..

මේ ඉන්නේ සැබෑ ජේවීපීකාරයෝ නෙවෙයි.

උන් චාමර කියන ජාතියේ ත්‍රස්තවාදීන් උනත් කෙලින් මිනිස්සුන්.

මුන් උන් එක්ක සංසන්දනය කරන්න එපා.

මුන් නිවට පාවා දෙන්නෝ.

ඒකත් මලවුන්ට කරන අගෞරවයක්.

- RRMC -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න