පොලිස්පති ජගත් විතානගෙන් සමාව ඉල්ලයි

ජගත් විතානට කනගාටුව ප්‍රකාශ කරලා මදී,පොලිස්පති ජනතාවගෙන් සමාව ගන්න ඕනි. තමන්ට අදාළව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කනගාටුව පලකල බවත් තමන්ට විවිධ කණ්ඩායම්වලින් එල්ලවී ඇති…
ජගත් විතානට කනගාටුව ප්‍රකාශ කරලා මදී,පොලිස්පති ජනතාවගෙන් සමාව ගන්න ඕනි.
තමන්ට අදාළව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කනගාටුව පලකල බවත් තමන්ට විවිධ කණ්ඩායම්වලින් එල්ලවී ඇති මරණීය තර්ජන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවටත් ආරක්ෂාව ඉල්ලා සිටින සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන බවට පොලිස්පතිවරයා කතානායකවරයා හමුවේ එකඟත්වයකට පැමිණි බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන සඳහන් කළේය.
පුවතක්.
දැන්වීම
■ රටේ රාළගේ සටහන.
ජගත් විතාන මන්ත්‍රීවරයා කියලා තියන මේ කතාව ඇත්ත නම් පොලිස්පතිවරයා කනගාටුව ප්‍රකාශ කරන්න ඕනි පෞද්ගලික ජගත් විතානට විතරක් නෙවෙයි. මේ රටේ ජනතාවටත් කනගාටුව ප්‍රකාශ කරන්න ඕනි. මොකද පොලීසිය කරන්නේ ආණ්ඩුවට වාසිදායක එකක් නම් එක රට ඉස්සරහා බෙර ගහලා කියනවා.
ආණ්ඩුවට හරි තමන්ට හරි අවාසිදායක නම් ඒක රහසෙන් කියලා එක්කෝ කණගාටුව ප්‍රකාශ කරනවා,නැත්තං සමාව ගන්නවා. පොලිස්පතිවරයා සිකුරාදා (31)පාර්ලිමේන්තුවට කැඳවපු හින්දයි එයා කනගාටුව ප්‍රකාශ කළේ.
නැත්තං තවමත් වලංගු පොලීස්පතිතුමාගේ පරණ ප්‍රකාශයමයි. ජගත් විතානට කනගාටුව පල කිරීම අවුලක් නෑ. හැබැයි පොලිසිය රටට කරන ප්‍රකාශ වගකීම් සහගත වෙන්න ඕනි.
අපේ රටේ පොලිස්පති හරි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හරි කියන ප්‍රකාශ වගකීම් සහගත නෑ.